Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අපහරණයට ලක්වූ 15 හැවිරිදි දැරිය සියල්ල වමාරයි!

මේ දිනවල බොහෝ දෙනෙක් උනන්දුවන නම් ලැයිස්තුවක් ඇත්තේය. එම ලැයිස්තුවේ සිටින්නේ අපරාධ චෝදනා ලැබූ විවිධ තරාතිරම් නියෝජනය කරන පිරිසකි. ඔවුන්ට එල්...



මේ දිනවල බොහෝ දෙනෙක් උනන්දුවන නම් ලැයිස්තුවක් ඇත්තේය. එම ලැයිස්තුවේ සිටින්නේ අපරාධ චෝදනා ලැබූ විවිධ තරාතිරම් නියෝජනය කරන පිරිසකි. ඔවුන්ට එල්ල වී ඇති චෝදනාව පහළොස් හැවිරිදි දැරියක් අපචාරයට ලක් කිරීමය. මේ බාලවයස්කාර දැරිය මිලදී ගෙන හෝටල් හා පන්සල්වලට රැගෙන ගිය සැකකරුවන් අත්අඩංගුවට හෝ අධිකරණයට ඉදිරිපත් කරමින් සිටින අතරතුරේ සමාජ මාධ්‍යවල තවත් නම් ලැයිස්තුවක් සංසරණය වන්නට පටන් ගත්තේ මුළු රටම ගිනි තියමිනි.


දැරිය මිලදී ගත් අයගේ බව කියැවුණු එම නම් ලැයිස්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, සිවිල් සමාජ ක්‍රියාකාරින්, වෘත්තීය සමිති නායකයන්, ප්‍රකට ක්‍රීඩකයන්, ව්‍යාපාරිකයන්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු පිරිසක්ද සිටියහ. මේ නම් ලැයිස්තුවේ සිටි ඇතැම්හු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් මේ ගැන සොයා බලන ලෙස පැමිණිලි කර තිබෙනවා.


කෙසේ නමුදු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියන්නේ මේ ලැයිස්තුව අසත්‍ය බවයි,


අන්තර්ජාලය ඔස්සේ 15 හැවිරිදි දැරියක ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ ආන්දෝලනාත්මක සිද්ධිය පිළිබඳ, වින්දිත දැරිය දුන් ප්‍රකාශ අනුව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට සැකකරුවන් 42 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.


මෙම දැරිය අලෙවි කළැයි චෝදනා ලැබ සිටින ප්‍රධාන සැකකරු වන්නේ මොරටුව, ලක්ෂපතිය, කනගරත්නම් මාවත, අංක 19/01 පදිංචිව සිටි රජීව් රවිනාත් ජයතිලකය.


තමා භාරයේ දැරිය බිලිගත් රජීව් රවිනාත් දැරිය සලෙළුන්ට අලෙවි කර ඇත්තේ ඇය දහනව හැවිරිදි තරුණියක් බව කියමිනි. එනමුත් ඒ වන විට ඇගේ වයස අවුරුදු පහළොවයි මාස නවයකි. ලංකා ඇඩ්ඩොට් කොම්පැනි වෙබ් අඩවියෙන් ඇය විකිණීමට ඇගේ නම ලෙස පළ කර තිබුණේ ටසිනි ලෙසය. පළමු පැයට ඇගේ මුදල රුපියල් 10,000 ක්ද, මුළු රාත්‍රියට 30,000 ක්ද යනුවෙන් විස්තර ඒ තුළ පළ කර තිබිණි. මෙම වෙබ් අඩවියේ හිමිකරු වන්නේ මෘදුකාංග ඉංජිනේරුවරයකු වන බාස්වත්ත, ගෝනපීනුවල පදිංචි ගෝනාපීනුවල විතානගේ ඉසුරු චතුරංග ප්‍රේමලාල් ය. ඔහු ස්ථිර ලෙස පදිංචිව සිට ඇත්තේ අංක 264, ඒ, කොබෙයිතුඩුව, බටපොළය.


වයස අවුරුදු 15 යි, මාස 09 ක් වන දැරිය රජීව් රවිනාත් විසින් රත්මලානේ දුම්රියපොළ අසල කෑම කඩයක් කරන ‘බිත්තර බණ්ඩියා’ නමැති අයකුට පෙන්වා එදින දහවල් 11 ට පමණ දැරිය ලිංගික කටයුතු සඳහා මිලදීගෙන, ඔහුගේම ත්‍රිරෝද රථයෙන් මොරටුව ගිහාන් ග්‍රැන්විලා හෝටලය වෙත රැගෙන ගොස් තිබේ. දැරිය සමග ලිංගික කටයුතුවල නිරත වූ රත්මලාන, ශ්‍රී නානේන්ද්‍ර මාවත, අංක 45/11 පදිංචි හේවගේ නිහාල් දසනායක නොහොත් බිත්තර බංඩි නමැත්තා, දැරියගේ අතට රුපියල් 5000 ක මුදලක් ද දී තිබේ.


දැරියගෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ති රේණුකා වැඩිදුරටත් ගත් ප්‍රකාශවලදී ඇය කැලණිය ඊරියවැටිය ලුම්බිණි විහාරයේ විහාරාධිපති වෑගල්ලේ ප්‍රඥා විශුද්ධි හිමියන් ගැන තොරතුරු රැසක් අනාවරණය කළා.


‘‘රජිව් මාමා දන්නා බම්බලපිටියේ අයකු විසින් වැගන් ආර් වර්ගයේ වෑන් රථයකින් මාව දළුගම පන්සලකට රැගෙන ගියා. එතකොට වෙලාව රෑ 11.00ට විතර ඇති. පන්සලේ කාමරයේදී හාමුදුරුවන් සමග එකට හිටියා. පසුව හාමුදුරුවන්ගේ 0786496355 සහ 0718007073 දරන ජංගම දුරකථන අංක දෙක මට දුන්නා.’’


ශෂිප්‍රභා දිල්රුක්ෂි අක්කා සමග නලින් අයියාගේ ත්‍රිරෝද රථයෙන් අවස්ථා ගණනාවකදී මම දළුගම, ලුම්බිණි පන්සලට ගොස් හාමුදුරුවන්ගේ කාමරයේදී හාමුදුරුවන් සමග එකට හිටියා. හාමුදුරුවන් පොඩි වෙලාවකට ලොකු මුදලක් දෙන නිසා හාමුදුරුවන් කතා කළ විට රෑට පන්සලට යනවා’’ යැයි දැරිය ප්‍රකාශ කර තිබේ. දැරිය දුන් සාක්ෂි අනුව පොලිස් නිලධාරීහු ඇය දළුගම ලුම්බිණි විහාරයට රැගෙන ගියහ. එහිදී ඇය ප්‍රඥා විශුද්ධි හිමිගේ ආවාසය හඳුනා ගත්තාය.


මේ අයුරින් හෙළිකරන තවත් නමක් වන්නේ ව්‍යාපාරිකයෙකි.


‘‘ගජමුතු සෝයාමීට් එකේ අයිතිකාරයත් ලංකා ඇඩ් එක දැකලා කතා කරලා මගේ ළඟට ආවා. එම පුද්ගලයා සමග මවුන්ට් එයාර් හෝටලයේ උඩ කාමරයේ හිටියා’’ යැයි වින්දිත දැරිය ප්‍රකාශයක් දී තිබිණි.


දැරියගේ එම ප්‍රකාශයට අනුව අංක 27/01 ශාන්ත ජෝශප් වීදිය, ද මැල් පාර උයන, මොරටුව ලිපිනයේ පදිංචි ගමගේ දොන් පියල් ගමගේ පොලිසිය අත්අඩංගුවට ගත්තේය. මෙම සැකකරු අංක 19, ඇල්බට් පීරිස් මාවත, හොරණ යන ලිපිනයේද වාසය කරන බවත්, ඔහු අවස්ථා දෙකකදී දැරිය සඳහා මිලදීගෙන තිබෙන බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.


මෙම සිද්ධියට අදාළ ඉකුත් ජුනි 30 වැනිදා අත්අඩංගුවට ගෙන දැනට ඇප මත මුදාහැර සිටින අංක 174, යාපනය පාර, අනුරාධපුර ලිපිනයේ පදිංචි මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ලෙස කටයුතු කළ එදිරිසිංහ මුදියන්සේලාගේ ලලිත එදිරිසිංහ දැරිය මිලදී ගෙන ඇත්තේ ඉකුත් මාර්තු 08 වැනිදා බව පොලිස් පරීක්ෂණවලදී හෙළිදරව් වී තිබේ.


එදින මෙම සැකකරු රාත්‍රී 10.30 ට පමණ බම්බලපිටියේ පිහිටි හොටෙල් යූරෝ ලංකා වෙත පැමිණ දැරිය මිලදීගෙන ඇති බවට, එම හෝටලයේ අමුත්තන් පිළිගැනීමේ ලේඛනය පරීක්ෂා කිරීමේදී තහවුරු කර ගැනීමට හැකි වී ඇත.


අන්තර්ජාලය ඔස්සේ පලකර තිබූ දැන්වීම් හරහා, මැණික් ව්‍යාපාරිකයකු වන අංක 40/01/02, විවේකානන්ද පාර, කොළඹ 06 පදිංචි (ස්තීර ලිපිනය අංක 64, රාස්සගල පාර, බලන්ගොඩ) මොහොමඩ් මහදුන් මොහොමඩ් රිෆාන් අවස්ථා රැසකදී දැරිය මිලදීගෙන තිබෙන බව විමර්ශනවලදී හෙළි වී තිබේ.


‘‘රත්නපුරේ මැණික් බිස්නස් කරන ජිෆාන්, ලංකා ඇඩ් එකේ දැන්වීම දැකලා ඔහුගේ ජංගම දුකථනයෙන් මට කතා කළා. රිෆාන් මාව ගල්කිස්සේ අවානා හෝටලයට රැගෙන ගියා. හෝටලේ කාමරයේදී ඔහු මත්පැන් බිව්වා. ඔහු මා සමග ලිංගිකව හැසුරුණා. රිෆාන් පැයකට වැඩිය හිටි නිසා රුපියල් 20,000 ක් ගත්තා. පසුව අවස්ථා කිහිපයකදී ඔහු මාව මිලදී ගත්තා. ඔහු ආරක්ෂිත උපකරණ පාවිච්චි නොකරන නිසා මම රිෆාන් මගහැරියා’’ යැයි දැරිය ප්‍රකාශ කර තිබේ.


වින්දිත දැරියගේ ජංගම දුරකථනයේ අස් යනුවෙන් සඳහන්ව තිබූ දුරකථන අංකය පිළිබඳ විමර්ශනය කිරීමේදී එය මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය ඇමැතිවරයකු වූ කොල්ලුපිටිය බගතලේ පාරේ පිහිටි පැලැටිනට්වන් සුවීට් නිවාස සංකීර්ණයේ පදිංචි මොහොඩ් අස්මලි නොහොත් ආස් නමැත්තා බව අනාවරණ වී තිබේ. ඔහු දැරිය රැගෙන ගොස් ඇත්තේ කොල්ලුපිටියේ මරීනා හෝටලය වෙතය.


මෙම වින්දිත දැරිය ප්‍රධාන සැකකරු වන රජීව් රවීනාත් ජයතිලක යන අය භාරයේ සිටියදී බම්බලපිටියේ පිහිටි අවානා රිසොස්ට් හෝටලයේදී අවස්ථා ගණනාවකදී විවිධ තනතුරු දරන පුද්ගලයන් රැසකගේ ලිංගික කටයුතු සඳහා අළෙවි වී ඇති බවට කරුණු අනාවරණ වී තිබේ.


දැරියගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කිරීමේදී, මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනකු පමණක් යෙදී සිටින වෘත්තියෙන් සහ ඇයගේ ජංගම දුරකථනයෙන් ඔවුන්ගේ දුරකථන අංක අන්තර්ගත කර තිබීම යන කරුණු මත හඳුනාගෙන තිබෙනවා. එම සැකකරුවන් අතරින් බොහෝ පිරිසක් දැනටමත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැරිය තමා මිලදී ගත් නමින් හෝ වෘත්තියෙන් නොදන්නා සැකකරුවන් නැවත දුටුවහොත් හඳුනාගැනීමට හැකි බව ප්‍රකාශ කර තිබෙනවා. යැයි විමර්ශන නිලධාරියකු සඳහන් කළේය.


මෙම සිද්ධියේ අපරාධ ස්ථාන පරීක්ෂාව සඳහා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් දැරියව ගල්කිස්ස අවානා හෝටලයට රැගෙන ගොස් තිබේ. එහිදී දැරිය වැඩිදුර ප්‍රකාශයක් දෙමින් තමා සමග BOC බැංකුවේ වැඩකරන විමල් මෙම හෝටලයේ 07 වන කාමරයේදී තමාට මුදල් දී ලිංගික කටයුතු සඳහා යොදා ගත් බවත්, විමල් යන අයගේ දුරකථන අංකය, තම ජංගම දුරකථනයේ BOC විමල් යනුවෙන් සඳහන් කරගත් බවත් කියා සිටියාය.


දැරියගේ එම ප්‍රකාශයට අනුව හිටපු බැංකු කළමනාකරුවකු වන අංක 29/ඒ, පීරිස් පාර, ගල්කිස්ස ලිපිනයේ පදිංචි 62 හැවිරිදි සුන්දරම් විමලචන්ද්‍රන් නමැත්තා පොලිස් අත්අඩංගුවට පත් විය.


‘‘මම දියවැඩියා රෝගියෙක්. මට ලිංගිකව එකතුවීමේ හැකියාවක් නැති අයෙකි. නමුත් 2021 මාර්තු මාසයේ දිනක ගල්කිස්ස අවානා හෝටලයට ගොස් කාන්තාවක් ගෙන්වාගෙන විනාඩි 45 ක් පමණ කාලයක්, එම හෝටලයේ කාමරයක හිටියා. මට ලිංගිකව එකතු වීමට හැකියාව නොමැති නිසා කාන්තාව සිප වැලඳ ගැනීම් සිදු කළා. ඇය ලවා මසාජ් කර ගත්තා. නැවත සති දෙකකට පස්සේ ඒ කාන්තාව සමග අවානා හෝටලයට ගියා. දවස් දෙකේම මුදල් එම කාන්තාව අතටම ලබා දුන්නා’’ යැයි 62 හැවිරිදි හිටපු බැංකු කළමනාකාරවරයා පොලිසියට ප්‍රකාශ කර තිබේ.


අපරාධ ස්ථාන පරීක්ෂාව සඳහා දැරිය ගල්කිස්ස අවානා හෝටලයට රැගෙන ගිය අවස්ථාවේදී ඇය වැඩිදුරටත් ප්‍රකාශයක් ලබා දෙමින් ‘මාත් එක්ක පොලිසියේ වැඩකරන අයකුද මුදල් දී මාව ගත්තා. එම පුද්ගලයාගේ නම සහ දුරකථන අංකය ‘පොලිස් කස්ටමර්’ යනුවෙන් සඳහන්කර තිබුණා යැයි සඳහන් කළාය.


දැරියගේ ප්‍රකාශයට අනුව පොලිස් ක්‍රීඩා කොට්ඨාසයට අනුයුක්තව රාජකාරී කරන අංක 03, ප්‍රනාන්දු මාවත, මඩකලපුව පදිංචි උප පොලිස් පරීක්ෂක රාජසේකරන් දිලුක්හරන් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර විසින් අත්අඩංගුවට ගත්තේය.


‘‘ලංකා ඇඩ් එකේ තිබුණු දැන්වීමකට කෝල් එකක් දුන්නා. ඊට කතා කළ පුද්ගලයා අවානා හෝටලයේ කාමරයක් වෙන් කරලා කතා කරන්න කිව්වා. ඒ අනුව හෝටලයේ කාමරයක් වෙන් කරවාගෙන දුරකථන ඇමතුමක් දුන් විට කෙට්ටු කාන්තාවක් කාමරය වෙත පැමිණියා මම ඇයගේ වයස විමසා සිටියා ඇය තමාගේ වයස 19 ක් යැයි පැවසුවා. නමුත් දැන්වීම දමා තිබුණේ වයස 21 නිසා එහිදී ඇති වූ සැකය මත කාමරයෙන් පිටවී ගියා. කාමරයෙන් පිටවී යන විට හෝටලයේ පිළිගැනීමේ කවුන්ටරයේ සිටි අය ආපු හැටියේ යන්නේ ඇයිදැයි විමසුවා. මම අවශ්‍ය නොවන නිසා පිටවී යන බව ඔහුට දැනුම් දුන්නා’’ යැයි උප පොලිස් පරීක්ෂකවරයා පොලිස් නිලධාරීන් හමුවේ ප්‍රකාශකර තිබේ.

noizetv

No comments

Ads Place