Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

15 හැවිරිදි දැරිය මිලට ගත් දේශපාලඥයෙකු සහ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු පොලිස් අත්අඩංගුවට

  15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සදහා අලෙවි කිරීමේ සිද්ධියට අදාළව එම දැරිය ලිංගික කටයුතු සඳහා යොදා ගත් බව කියන මිහින්තලේ...

 


15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සදහා අලෙවි කිරීමේ සිද්ධියට අදාළව එම දැරිය ලිංගික කටයුතු සඳහා යොදා ගත් බව කියන මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු තිදෙනකු පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.


මෙම සැකකරුවන් තිදෙනා අතර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු සහ එම සිද්ධියට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් පානදුර ප්‍රදේශයේ පුද්ගලයකු ද සිටින බවයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.


සැකකරුවන් තිදෙනා සමඟ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 21ක් දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් එම පිරිස අතර දැරියගේ මව සහ මවගේ අනියම් සැමියා ද සහ චිවරධාරියෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.


ඊයේ දිනයේදී අත්අඩංගු වට ගනු ලැබූ සැකකරුවන් තිදෙනා අද දිනයේදී අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


ප්‍රධාන සැකකරු විසින් මෙම දැරිය මාස 03 ක කාලයක් රුපියල් 10,000-30,000 අතර මුදලට අලෙවි කොට ඇති බවයි පොලිස් විමර්ෂණ වලදී කරුණු අනාවරණය වී ඇත්තේ.

nethnews

No comments

Ads Place