Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

15 දැරිය විකිණු වෙබ් අඩවි හිමිකරුගේ ගිණුමේ කෝටි 05ක්..

  බාල වයස්කාර දැරිය ලිංගික කටයුතු සඳහා යෙදවීමට දැන්වීම් පළ කළ ‘ලංකා ඇඞ් ඩොට් කොම්’ වෙබ් අඩවියේ හිමිකරුගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි 5කට අධි...

 


බාල වයස්කාර දැරිය ලිංගික කටයුතු සඳහා යෙදවීමට දැන්වීම් පළ කළ ‘ලංකා ඇඞ් ඩොට් කොම්’ වෙබ් අඩවියේ හිමිකරුගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි 5කට අධික මුදලක් තැන්පත්ව තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

නිතිවිරෝධී දේපල හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මෙම සිද්ධියේ සැකකරුවන් 11 දෙනකුට එරෙහිව සිදුකරන ලද වීමර්ශනයකට අදාළව මෙම කරුණු හෙළිවී ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව, මෙම සැකකරුවන් 11 දෙනා සතුව තිබු රුපියල් කෝටි 10කට ආසන්න මුදල් ප‍්‍රමාණයක් සහිත බැංකු ගිණුම් සියල්ල තහනම් කර ඇතැයි ද එම ආරංචි මාර්ග සදහන් කරයි.

බාලවයස්කාර දැරිය ලිංගික කටයුතු සඳහා අළෙවි කිරීම සම්බන්ධයෙන් දැන්වීම් පළ කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ‘‘ලංකා ඇඞ් ඩොට් කොම්’’ නමැති වෙබ් අඩවියේ හිමිකරු වන පානදුර ප‍්‍රදේශයේ පදිංචි රණසිංහ ආරච්චිගේ දුමින්ද සම්පත් පෙරේරා සහ එම වෙබ් අඩවියේ මූල්‍ය කළමණාකරු වන බණ්ඩාරගම ප‍්‍රදේශයේ පදිංචි මාකේවෙලගෙදර ධනුක කෞෂල්‍යය යන අය මේ වන විට අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිති.

දැරිය අලෙවි කළ ‘‘ලංකා ඇඞ් ඩොට් කොම්’’ වෙබ් අඩවියේ හිමිකාර දුමින්ද සම්පත් නමැති සැකකරුගේ බැංකු ගිණුම්වල තිබූ රුපියල් කෝටි 5කට අධික මුදලට අමතරව ස්ථාවර තැන්පතු ගිණුම් දෙකක තිබූ ඇමරිකානු ඩොලර් 12,199ක මුදලක් ද තහනම් කර ඇතැයි පොලිසිය පවසයි.

එම වෙබ් අඩවියේ මූල්‍ය කළමණාකරු වන බණ්ඩාරගම ප‍්‍රදේශයේ පදිංචි මාකේවෙලගෙදර ධනුක කෞෂල්‍යය යන අයගේ බැංකු ගිණුම්වල රුපියල් ලක්ෂ 70ක මුදලක් තැන්පත්ව තිබූ බවද සඳහන් වෙයි.

lankacnews

No comments

Ads Place