Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා පරදන පාරම්පරික දේශීය බෙහෙත් වට්ටෝරු 14කට අනුමැතිය..

  කොරෝනා වෛරදයට එරෙහි ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා පාරම්පරික වෛද්‍යවරුන් විසින් හදුන්වා දී ඇති දේශීය බෙහෙත් වට්ටෝරු 14ක් සඳහා ආයුර්වේද දෙප...

 


කොරෝනා වෛරදයට එරෙහි ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා පාරම්පරික වෛද්‍යවරුන් විසින් හදුන්වා දී ඇති දේශීය බෙහෙත් වට්ටෝරු 14ක් සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව එම ඖෂධ වට්ටෝරු ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් නොමිලේ ජනතාවට ලබා දෙමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පැවසීය.

මෙම පාරම්පරික බෙහෙත් වට්ටෝරුවලින් ඉතා ඉහළ ප්‍රතිශක්තියක් ශරීරයේ ඇති කරවන බව පර්යේෂණවලින් තහවුරු වී ඇතැයි ද ඔහු තවදුරටත් කීය.

දැනට රටපුරා පිහිටි අයුර්වේද රෝහල්වල කොරෝනා ආසාදිතයන් දෙදහසකට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටින බවත් 900 පමණ පිරිසක් සම්පූර්ණ සුවය ලබා නිවෙස් වලට ගොස් ඇති බවත් ඔහු පැවසීය.

කිසිදු කොරෝනා ආසාදිත වූවෙකු ආයුර්වේද රෝහලක් තුළ මේ දක්වා මියගොස් නැතැයි ද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

lankacnews

No comments

Ads Place