Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඵලදායකත්වය අඩු සිනොවැක් මාත‍්‍රා මිලියන 13ක් මිලට ගන්න යයි.. සෞඛ්‍ය අංශ දැඩි විරෝධය..

  කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව අඩු ප්‍රතිඵල දායකත්වයක් පෙන්නුම් කරන චීනයේ සිෙනාවක් එන්නත් මාත්‍රා මිලියන 13ක් එක් මාත්‍රාවක් ඩොලර්...


 කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව අඩු ප්‍රතිඵල දායකත්වයක් පෙන්නුම් කරන චීනයේ සිෙනාවක් එන්නත් මාත්‍රා මිලියන 13ක් එක් මාත්‍රාවක් ඩොලර් 15 ක මිල ගණන් යටතේ මිලදී ගැනීමට රජය තීරණය කර ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

වෙනත් එන්නත් සඳහා ගෙවන මිල හා සසඳන විට මෙම මිල ගණන් ඉහළ අගයක් බව සෞඛ්‍ය විශේෂඥයන් විසින් රජයට පෙන්වා දී ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

එම එන්නත් මාත‍්‍රා විශාල ගණනක් මෙසේ මිලට ගැනීමට රජය ගෙන ඇති තීරණයට සෞඛ්‍ය විශේෂඥයන් දැඩි විරෝධය රජය වෙත එල්ල කරමින් ඇතැයි ද එම වාර්තාව තව දුරටත් කියා සිටී.

මේ සම්බන්දයෙන් කල විමසීමකදී ඖෂධ නියාමන හා සැපයුම් රාජ්‍යය අමාත්‍යංශයේ ප‍්‍රකාශකයෙකු සදහන් කලේ සිනොවැක් එන්නත මිලට ගැනීම සදහා මෙතෙක් රජය කිසිදු තීරණයක් ගෙන නැති බවයි.

lankacnews

No comments

Ads Place