Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

13 හැවිරිදි දැරිය අපයෝජනය කල තවත් සිව්දෙනෙක්…

  නාවලපිටිය හරංගල ඉලුක්තැන්න ප්‍රදේශයේ අවු 13 හැවිරිදි පාසල් දැරිය අපයෝජනය කල තවත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනිම සදහා විමර්ෂණයක් ආරම...


 නාවලපිටිය හරංගල ඉලුක්තැන්න ප්‍රදේශයේ අවු 13 හැවිරිදි පාසල් දැරිය අපයෝජනය කල තවත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනිම සදහා විමර්ෂණයක් ආරම්භ කර ඇති බව නාවලපිටිය පොලිසියේ කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලක්ෂිණි නිමන්ති පෙරේරා මහත්මිය පැවසිය.

පාසල් දැරිය අපයෝජනය කලේ යැයි කියන පියා, පෙම්වතා ඇතුළු තවත් සැකකරුවන් සිව්දෙනෙක් නාවලපිටිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් මේ මස (26) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අපයෝජනයට ලක් වුවේ යැයි කියන 13 හැවිරිදි දැරිය සමග නාවලපිටිය පොලිසියේ කාන්තා කාර්යංශයේ නිලධාරින් සහ ගම්පොල පොලිස් කොට්ඨාශයේ ස්ථාන පරික්ෂණ නිලධාරින් සැකකරුවන් 10 දෙනා දැරිය අපයොජනය කලේ යැයි කියන නාවලපිටිය හරංගල ඉලුක් තැන්න ප්‍රදේශයේ ස්ථාන පරික්ෂාවක්ද සිදු කරනු ලැබුහ.

අපයෝජනයට ලක් වුවේ යැයි කියන 13 හැවිරිදි දැරිය හරංගල ඉලුක්තැන්න ප්‍රදේශයේ එම දැරිය විසින් පෙන් වු ස්ථාන තම නිවසට යාබදව පිහිටි ස්ථාන කිහිපයක් බවයි නාවලපිටිය පොලිසියේ කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනිය කියා සිටියේ.

අත්අඩංගුවට ගැනිමට නියමිත අනෙකුත් සැකකරුවන් සිව්දෙනා නාවලපිටිය හරංගල ප්‍රදේහයේම පදිංචිකරුවන් ලෙස පැවසේ.

lankacnews

No comments

Ads Place