Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මාස හයට රිය අනතුරු මරණ 1,275ක් 7,000කට තුවාල!

  මේ වසරේ ගෙවුණු මාස 6ක කාලය තුළ 1,275 දෙනකු රිය අනතුරුවලින් මිය ගොස් ඇති අතර, තුවාල ලැබූ සංඛ්‍යාව 7,000කට ආසන්න වේ. රිය අනතුරුවලින් වූ මරණ ...

 


මේ වසරේ ගෙවුණු මාස 6ක කාලය තුළ 1,275 දෙනකු රිය අනතුරුවලින් මිය ගොස් ඇති අතර, තුවාල ලැබූ සංඛ්‍යාව 7,000කට ආසන්න වේ.


රිය අනතුරුවලින් වූ මරණ 9ක් ඊයේ (15) උදෑසන 6.00 වන විට වාර්තා වී ඇති අතර, නැවතත් මාරක රිය අනතුරුවල වර්ධනයක් දක්නට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.


ඉන් මරණ 7ක් සිදුව ඇත්තේ යතුරුපැදිකරුවන් වන අතර, ඉතිරි මරණ 2ට ගොදුරු වී ඇත්තේ ත්‍රිරෝද රථවලින් ගමන් ගත් පුද්ගලයන් බව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.


පසුගිය 2020 වසරේදී පුද්ගලයන් 2,144ක් රිය අනතුරු හේතුවෙන් මියගොස් ඇති අතර, 2019 වසරේදී පුද්ගලයන් 2,839ක් රිය අනතුරුවලින් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙයි.


රිය අනතුරුවල ශීඝ්‍ර වර්ධනයක් මේ වන විට පෙන්නුම් කරන බවත් දිනකට මරණ 10ක් පමණ වාර්තා වීම වසරකට මරණ 3,650ක් බවත් රිය අනතුරුවලින් දිනකට 40ක පමණ පිරිසක් තුවාල ලැබීම මෙරට මාර්ග පද්ධතිය අනුව ඉතා වැඩි සංඛ්‍යාවක් බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කරයි.

noizetv

No comments

Ads Place