Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කාබනික පොහොර නිපදවන ගොවීන්ට හෙක්ටයාරයකට රු. 12,500 බැගින්!

  සෑම ගොවියකුටම කාබනික පොහොර නිෂ්පාදනය සඳහා හෙක්ටයාරයකට රුපියල් 12,500ක් බැගින් ගෙවීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ...

 


සෑම ගොවියකුටම කාබනික පොහොර නිෂ්පාදනය සඳහා හෙක්ටයාරයකට රුපියල් 12,500ක් බැගින් ගෙවීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවැසීය.


කාබනික පොහොර භාවිතය මෙමඟින් දිරිමත් කෙරේ. ඇතැමුන් මවාපාන පරිදි රට තුළ පොහොර හිඟයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ මහතා වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා එසේ කීවේය.


පොහොර වර්ග ආනයනයට අදාළ 2021 මැයි මස 06 වැනි දින නිකුත් කළ ආනයන-අපනයන පාලන පනතට අදාළ ගැසට් පත්‍රයේ අඩුපාඩු පවතින බවත්, ඉදිරියේදී එය නිවැරැදි කර අලුතින් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

noizetv

No comments

Ads Place