Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සෙල්ෆි ගැනීමට ගිය ඉන්දියාවේ 11 දෙනෙකු අකුණු පහරකින් ජිවිතක්ෂයට

 සෙල්ෆි ජායාරූප ගනිමින් සිටි පුද්ගලයින් පිරිසකට ඉන්දියාවේ, ජායිපුර් හිදී එල්ලවූ අකුණු පහරකින් පුද්ගලයින් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ...


 සෙල්ෆි ජායාරූප ගනිමින් සිටි පුද්ගලයින් පිරිසකට ඉන්දියාවේ, ජායිපුර් හිදී එල්ලවූ අකුණු පහරකින් පුද්ගලයින් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. 


12 වෙනි සියවසට අයත් ආමේර් බලකොටුවේ පිහිටි නැරඹුම් ස්ථානයක සිටි පිරිසකට මෙම අකුණු පහර එල්ලවී ඇති බවයි ජායිපුර් පොලිසිය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.


සිද්ධියෙන් මියගිය පුද්ගලයෙකුට ඉන්දියානු රුපියල් 50,000 බැගින් ලබා දෙන බවයි ප්‍රාන්ත මහ ඇමතිවරයා ප්‍රකාශ කර සිටියේ.


අකුණු පහර එල්ලවූ අවස්ථාවේදී එහි පුද්ගලයින් 27 දෙනෙකු සිට ඇති අතර, ඇතැම් පුද්ගලයින් එම නැරඹුම් ස්ථානයෙන් පහළට පැන ඇති බව සඳහන්.


2004 වසරේ සිට වාර්ෂිකව ඉන්දියාවේ අකුණු අනතුරු හේතුවෙන් පුද්ගලයින් 2,000ක් පමණ ජිවිතක්ෂයට පත්වන බවයි එරට දත්ත වාර්තා පෙන්නුම් කරන්නේ.


මෙම බලකොටුවේ පිහිටි නැරඹුම් මධ්‍යස්ථානය සංචාරකයින් අතර ඉතා ප්‍රචලිත ස්ථානයක් වන අතර ඊයේ ඇතිවූ සිද්ධියෙන් මියගොස් ඇති බහුතරයක් දෙනා තරුණයින් බවයි පොලිසිය සඳහන් කරන්නේ.


මේ අතර ඊයේ දිනයේදී රාජස්ථානයේ පමණක් අකුණු අනතුරු හේතුවෙන් පුද්ගලයින් 09 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

nethnews

No comments

Ads Place