Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චීනයෙන් යුවාන් බිලියන 10 ක ණයක් ගන්න රජයේ අවධානය

  යුවාන් බිලියන 10 ක ණය මුදලක් චීන රජයෙන් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. එය අමෙ...

 


යුවාන් බිලියන 10 ක ණය මුදලක් චීන රජයෙන් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. එය අමෙරිකානු ඩොලර් බිලියන එකයි දශම පහකට සමාන අගයක් බවයි නෙත් නිවුස් කළ විමසීමකදි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ. අවශ්‍ය මොහොතක එම ණය මුදල ලබාගැනීමට කටයුතු කරන බවද රාටක්‍ අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියා.


මෙම ණය මුදල රජය යුවාන් මුදල් ඒකකවලින් ගෙවීමට නියමිත බවද රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සදහන් කළා. චීනයේ යුවාන් මුදල් ඒකකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සංචිත මුදල් ඒකකයක් ලෙස පිළිගෙන ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ. 


ඉකුත් යහපාලන රජය සමයේදී විදෙස් ණය වැඩි වශයෙන් ලබාගෙන ඇති බවත් එම ණය මුදල් ක්‍රමානුකූලව ගෙවීමට වත්මන් රජය බැඳී සිටින බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.

nethnews

No comments

Ads Place