Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නගර 100ක් එකවර සංවර්ධනය අගමැති ප්‍රධානත්වයෙන්!

  දීර්ඝ කාලයක් තිස්සේ රටේ සංවර්ධනය නොවූ නගර සියයක් එකවර අලංකරණය කර සංවර්ධනය කිරීම මේ මස අග දී ආරම්භ කෙරන බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ...

 


දීර්ඝ කාලයක් තිස්සේ රටේ සංවර්ධනය නොවූ නගර සියයක් එකවර අලංකරණය කර සංවර්ධනය කිරීම මේ මස අග දී ආරම්භ කෙරන බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අද (14) දින අරලියගහ මන්දිරයේ දී පැවති නාගරික සංවර්ධන අමාත්යංශ ප්රගති සමාලෝචන රැස්වීමේ දී හෙළිදරව් විය.

සෞභාග්යයේ දැක්ම අනුව ප්රධාන නගර හා ප්රාදේශීය නගර අතර පවතින අසමතුලිතතාවය අවම කර සියලු ජනතාවට සමාන නාගරික පහසුකම් ලබාදීම මේ ඔස්සේ අපේක්ෂිතය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්යංශය සහ ඊට අයත් නාගරික සංවර්ධන, අපද්රව්ය බැහැරලීම හා ප්රජා පවිත්රතා කටයුතු සහ වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්ය අමාත්යංශ යටතේ ක්රියාත්මක ආයතන පිළිබඳව විෂය භාර අමාත්යවරයා වශයෙන් අග්රාමාත්යතුමා මෙම හමුවේදී ප්රගතිය සමාලෝචනය කළේය.

නාගරික සංවර්ධන අධිකාරිය දැනට ක්රියාත්මක කරන නිවාස 60000 ක ව්යාපෘතියේ අඩු ආදායම්ලාභි ජනතාව වෙනුවෙන් ඉදිකරන නිවාස 32000 ක ප්රගතිය පිළිබඳව අග්රාමාත්යතුමා මෙහි දී විමසා සිටියේය.

අදාළ ව්යාපෘතිය සියයට පනහක ප්රගතියක් අත්පත් කරගෙන ඇති බවත් එම ව්යාපෘතිය අඛණ්ඩව ක්රියාත්මක බවත් නාගරික සංවර්ධන අධිකාරිය පෙන්වා දුන්නේය.

කොළොන්නාව, ටොරින්ටන්, බ්ලුමැන්ඩල්, පෑලියගොඩ සහ ඔරුගොඩවත්ත ප්රදේශවල සහ මහනුවර, කරුණෑගල, අනුරාධපුර සහ පොළොන්නරුවේ අලුතින් ක්රියාත්මකවන මධ්යම පන්තික නිවාස යෝජනා පිළිබඳව මෙහි දී සාකච්ඡාවට ලක්විය.

අඩු අදායම් ලාභීන් වෙනුවෙන් මහරගම, නුගේගොඩ සහ කෝට්ටේ නව නිවාස ව්යාපෘති කිහිපයක් ක්රියාත්මකවන අතර කෝට්ටේ නිවාස ව්යාපෘතිය ළඟදීම ආරම්භ කිරීමට නියමිතය.

පෞද්ගලික ආයෝජකයන් සමඟ තවත් නිවාස 12000ක් ඉදිකිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මුලපුරා තිබේ. දැනට තිබෙන ඇවිදින මංතීරුවලට අමතරව දිස්ත්රික්ක 25 සඳහා අලුතින් තවත් ඇවිදින මංතීරු 28ක් නිර්මාණය වේ.

කොළඹ නගරයේ පෞරාණික ගොඩනැගිලි ප්රතිසංස්කරණය කිරීම ගැන අවධානය යොමු කළ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ ගොඩනැගිලි අලුත්වැඩියාවෙන් පසුව නඩත්තු කිරීම සහ පවත්වාගෙන යාම ගැන අවධානය යොමු කරන්නැයි අමාත්යංශ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

අලුත්වැඩියාවෙන් පසු එම ගොඩනැගිලි නිසි ලෙස නඩත්තු නොකරන්නේ නම් ඒවා නැවත පරණ තත්ත්වයට ගරා වැටෙන බව අග්රාමාත්යතුමා මෙහි දී පෙන්වා දුන්නේය.

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය ද දැනට මධ්යම ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස 4000ක් ඉදිකරමින් සිටින අතර එම ව්යාපෘතිය 2024 දී අවසන් වන බව මෙහි දී සඳහන් විය.

මහල් නිවාස සංකීර්ණ ක්රමවත්ව පවත්වාගෙන යාම සඳහා සහාධිපත්ය කළමනාකරණ අධිකාරියේ කාර්යය භාරය එම නිලධාරින් විසින් මෙහි දී පැහැදිලි කළේය.

ගංවතුර හා වැසි ජලයෙන් යටවන කොළඹ නගරය හා ඒ අවට ප්රදේශවල ජලය ගලා බැසීමට ඇළ මාර්ග පිරිසිදු කොට ක්රමවත්ව පවත්වා ගැනීමේ වැදගත්කම අග්රාමාත්යතුමා මෙහි දී අවධාරණය කළේය.

කොළඹ ජලයෙන් යටවන ප්රදේශවලට අයත් කිලෝමීටර් 44ක් තරම්වන ප්රධාන ඇළ මාර්ග සහ තවත් කිලෝමීටර් 53ක් දිගුවන සාමාන්ය ඇළ මාර්ග ශ්රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව යටතේ පිරිසිදුකොට ක්රමවත්ව පවත්වාගෙන යනු ලබන බව මෙහිදී සදහන් විය.

එක්ස්ප්රස් පර්ල් නෞකාවේ ගින්නෙන් සිදුවූ හානිය ගැන අවධානය යොමු කළ අග්රාමාත්යතුමා පරිසරයට හා ධීවරයන්ට සිදුවූ හානිය සඳහා උපරිම වන්දි මුදලක් ලබා ගත යුතු යැයි පෙන්වා දුන්නේය.

ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළ සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මේ වනවිට එක්ස්ප්රස් පර්ල් නෞකා ගින්නෙන් සිදු වූ හානියට අමෙරිකානු ඩොලර් මිලියන 40ක වන්දියක් ඉල්ලා ඇති බවත් ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 3.6ක් මේ වනවිට ලැබී ඇති බවත් හෙළි කළේය.

මෙසේ ලැබී ඇති වන්දියෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2ක් ධීවරයන්ට සිදුවූ හානියට වෙන්වන අතර, තවත් මිලියනයක් සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරියටත්, ඉතිරි මිලියන 0.6 හදිසි ආපදා තත්ත්වයක් වෙනුවෙන් වෙන්කර තබන බවත් අග්රාමාත්යතුමාට දැනුම් දුන්නේය.

ධීවරයන්ට සිදුවූ පීඩාව වෙනුවෙන් ක්රමවත්ව එම වන්දි මුදල් බෙදා දෙන්නැයි අග්රාමාත්යතුමා ප්රකාශ කළේය.

ඉතිරි වන්දි මුදල් ලබා ගැනීම සඳහා අවශ්ය ලිපි ලේඛන ඉදිරිපත් කිරීම මේ වනවිට ක්රියාත්මක වේ. මේ අතර අතිගරු ජනාධිපතිතුමාගේ ද උපදෙස් පරිදි සමුද්ර ආපදා කළමනාකරණ මධ්යස්ථානයක් පිහිටුවීමේ යෝජනාව පිළිබඳව සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ අවධානය යොමු වී ඇත.

මේ අතර සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වර්ඩ් වීව් ආයතනය සමඟ එක්ව හෙක්ටයාර් 25000ක කඩොලාන ප්රතිස්ථාපනය කිරීමේ කටයුත්තක් ළඟදීම ආරම්භ කිරීමට නියමිත අතර වර්ග මීටර් 400ක කොරල් ප්රතිස්ථාපන වැඩපිළිවෙලක් මිරිස්සෙන් ඇරඹීමට නියමිතය.

වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව යටතේ ගාල්ල මහමෝදර සහ බූස්ස, අම්බලන්ගොඩ ප්රදේශයේ වෙරළ ඛාදනය වැළැක්වීමේ ව්යාපෘති ක්රියාත්මක වේ. ඊට අමතරව ගාල්ල, තංගල්ල, මැදකැටිය සහ ගම්පහ දිස්ත්රික්කයේ වෙරළ උද්යාන ඉදිකිරීම දැනට ආරම්භ කර ඇත.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන, අපද්රව්ය බැහැරලීම හා ප්රජා පවිත්රතා කටයුතු රාජ්ය අමාත්ය ආචාර්ය නාලක ගොඩහේවා,වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්ය අමාත්ය මොහාන් ප්රියදර්ශන ද සිල්වා, අග්රාමාත්ය ලේකම් ගාමිණි සෙනරත්, අග්රාමාත්ය කාර්ය මණ්ඩල ප්රධානී යෝෂිත රාජපක්ෂ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්යංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්ය අමාත්යංශයේ ලේකම් අනිල් විජේසිරි, අග්රාමාත්ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න මහත්වරු සහ අදාළ ආයතනවල සභාපතිවරුන් ඇතුළු ජ්යෙෂ්ඨ නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

noizetv

No comments

Ads Place