Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රජයේ ලොක්කන් 1000කට නව වාහන ආනයන බලපත‍්‍ර…

  රජයේ ඉහළ නිලධාරීන් දහසක් දෙනා සඳහා නව වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කර තිබේ. මෙම වාහන ආනයන බලපත්‍ර නිකුත් කර ඇත්තේ 2020 වසර සඳහා ය....

 


රජයේ ඉහළ නිලධාරීන් දහසක් දෙනා සඳහා නව වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කර තිබේ.

මෙම වාහන ආනයන බලපත්‍ර නිකුත් කර ඇත්තේ 2020 වසර සඳහා ය.

කෙසේ වෙතත් මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු අප වෙත කියා සිටියේ එසේ බලපත්‍ර නිකුත්කරන ලද වුවද නව වාහන ආනයනය සඳහා අත්ටුවීමට රජය ගෙන ඇති තීරණය කිසිදු වෙනසක් නැති බවයි.

එම වාහන බලපත්‍ර හිමි වූ පුද්ගලයන් කිසිවෙකුට රජයේ තීරණය ක‍්‍රියාත්මක වන තුරු වාහන ආනයනය කිරීමට කිසිදු හැකියාවක් නැති බවද ඔහු සඳහන් කළේය.

මෙම වාහන ආනයන බලපත්‍ර නිකුත් කර ඇත්තේ 2020 වසර මුල් කාලයේදී පෙර සැලසුම් කර තිබූ ආකාරයට මිස රජයේ වාහන ආනයන අත්හිටුවීමට ගන්නා ලද තීරණයෙන් පසුව නොවන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

lankacnews

No comments

Ads Place