Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වසර 10ක් පුරා දිනකට මිනිත්තු 17ක් ජංගම දුරකතනය භාවිත කළහොත් සිදුවන දේ!

  දෛනිකව මිනිත්තු 17 බැගින් වසර 10ක කාලයක් ජංගම දුරකථන භාවිතා කිරීමෙන් පිළිකා ඇතිවීමේ අවදානම සියයට 60ක් දක්වා ඉහළ යන බවට වෛද්‍ය විශේෂඥයින් ව...

 


දෛනිකව මිනිත්තු 17 බැගින් වසර 10ක කාලයක් ජංගම දුරකථන භාවිතා කිරීමෙන් පිළිකා ඇතිවීමේ අවදානම සියයට 60ක් දක්වා ඉහළ යන බවට වෛද්‍ය විශේෂඥයින් විසින් සිදුකළ අධ්‍යනයකින් හෙළිවී තිබෙනවා.


අමෙරිකාවේ බර්ක්ලි විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විශේෂඥයින් විසින් ජංගම දුරකථන භාවිතා කරන්නන් සහ සෞඛ්‍ය පිළිබඳව සිදුකළ විවිධ අධ්‍යයන 46ක සිදුකළ විශ්ලේෂණයක් අනුව මේ බව හෙළිවී ඇත්තේ.


වසර දහයක් තුළ පැය 1,000 ක් හෝ දළ වශයෙන් දිනකට මිනිත්තු 17 ක් ජංගම දුරකතනයක් භාවිතා කිරීමෙන් පිළිකා පිළිකා ඇතිවීමේ අවදානම සියයට 60 කින් වැඩි වූ බවයි එම අධ්‍යනයෙන් තහවුරු කර ඇත්තේ.


පර්යේෂකයන් පවසන්නේ ජංගම සංඥා වලින් නිකුත් වන විකිරණ ‘සෛලීය යාන්ත්‍රණයන්ට බාධා’ කිරීමෙන් මොලයේ ආතතිය ප්‍රෝටීන නිර්මාණය කිරීමට හේතුවන DNA වලට හානි, පිළිකා සහ සෛල මරණයට පවා හේතුවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 


ජංගම දුරකථන භාවිතය සහ සෞඛ්‍යය පිළිබඳ පුළුල් චිත්‍රයක් ලබා ගැනීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය, ස්වීඩනය, එක්සත් රාජධානිය, ජපානය, දකුණු කොරියාව සහ නවසීලන්තය යන රටවල මීට පෙර කරන ලද අධ්‍යයනයන් බර්ක්ලි සරසවියේ විශේෂඥයින් විසින් මෙහිදී අධ්‍යයන කර ඇත.


2011 වසරේදී නිවාසවලින් සියයට 87ක ජංගම දුරකථන තිබු අතර එය 2020 වර්ෂය වන විට සියයට 95 දක්වා ඉහළ ගොස් ඇති බව අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ.


මෙම පර්යේෂණය සිදුකළ බර්ක්ලි සරසවියේ ජොයෙල් මොස්කොවිට්ස් සඳහන් කරන්නේ පුද්ගලයින් ජංගම දුරකථන භාවිතා කරනු ලබන කාලය අවම කළ යුතු බවත්, එම උපාංග හැකිතාක් සිය සිරුරෙන් ඈතට වන්නට තබා ගැනීම වැදගත් බවයි. එමෙන්ම දුරකථන ඇමතුම් ලබා ගැනීමේදී හැකිතාක් ඔවුන්ගේ ශරීරයෙන් රැහැන් සහිත දුරකථන භාවිතා කිරීමට උත්සුක විය යුතු බවට ඔහු පෙන්වා දෙනවා.

noizetv

No comments

Ads Place