Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාඩු ලබන රජයේ ආයතන ලොක්කෙකුට කෝටි 08ක වාහනයක් ගනී…

  රජයේ ප්‍රධානි අධිකාරියක ප්‍රධානියා සඳහා රුපියල් කෝටි 8ක මුදලක් වැය කර සුඛෝපභෝගී වාහනයක් මිලදී ගැනීමට පියවර ගනිමින් ඇතැයි වාර්තා වේ. එම මුද...

 


රජයේ ප්‍රධානි අධිකාරියක ප්‍රධානියා සඳහා රුපියල් කෝටි 8ක මුදලක් වැය කර සුඛෝපභෝගී වාහනයක් මිලදී ගැනීමට පියවර ගනිමින් ඇතැයි වාර්තා වේ.

එම මුදල ගෙවා මිලට ගැනීමට සැලසුම් කර ඇත්තේ පාවිච්චි කරන ලද වාහනයක් යැයිද සඳහන් වෙයි.

වාහන ගැනීම රජය විසින් අත්හිටුවා ඇති නිසා සහ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමේ අපහසුවක් නිසා එම අධිකාරිය යටතේ පවත්නා රාජ්‍ය සමාගමකින් මෙම සභාපති වරයා සඳහා වාහනය මිලදී ගැනීමට සැලසුම් කර තිබේ.

කෙසේ නමුත් ආයතනයේ සභාපතිවරයා සඳහා 2014 වර්ෂයේ දී ගෙන්වනලද ප‍්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් ඇති අතර එය තවමත් ඉතාම හොඳ තත්වයේ ඇති බවද දැනගන්නට ඇත.

මෙම වාහනය මිලදී ගැනීමට කෝටි අටක් වියදම් සූදානම් වුවත් එම අධිකාරිය රුපියල් බිලියන ගණනක ණයක් ගෙවීමට ඇති බවට වෘත්තිය සමිති චෝදනා එල්ල කරයි.

lankacnews

No comments

Ads Place