Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 07 දෙනෙකු ඉන්දීය තරඟාවලියට ගිවිසුම් අත්සන් කරයි

  ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත එක්දින හා විස්සයි විස්ස තරඟාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 07 දෙනෙකු මේ වන විට ගිවිසුම් අත්සන් කර තිබෙන...

 


ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත එක්දින හා විස්සයි විස්ස තරඟාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 07 දෙනෙකු මේ වන විට ගිවිසුම් අත්සන් කර තිබෙනවා.


ප්‍රවීන් ජයවික්‍රම, චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු, ශිරාන් ප්‍රනාන්දු, ධනංජය ලක්ෂාන්, ඉෂාන් ජයරත්න සහ චරිත් අසලංක එලෙස ගිවිසුම් අත්සන් කර ඇති ක්‍රීඩකයින් හත් දෙනායි.


ඊයේ රාත්‍රී 8ට පෙර ක්‍රීඩකයින්ට ගිවිසුම් අත්සන් තැබීම සදහා අවස්ථාව ලබා දී තිබුණා. කෙසේ වෙතත් ගිවිසුම් අත්සන් කිරීමට ලබාදුන් කාලය  අද උදෑසන දක්වා දීර්ඝ කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.


ක්‍රීඩකයින්ට වාර්ෂික කොන්ත්‍රාත්තුව වෙනුවට දක්ෂතා පදනම් කර ගනිමින් එක් එක් තරාඟාවලි සඳහා වෙන වෙනම කොන්ත්‍රාත් ලබාදෙන බව ක්‍රිකට් ප්‍රවීණයන්ගෙන් සමන්විත ක්‍රිකට් තාක්ෂණික කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා හරහා ක්‍රීඩකයින්ට දැනූම් දී තිබුණා.


එහෙත් ඇතැම් ක්‍රීඩකයින් ඊට  අකමැත්ත පළ කර තිබූ බවයි වාර්තා වුණේ.


ගිවිසුම් අත්සන් නොකරන ක්‍ර්‍රිීඩකයින්ට ඉන්දීය තරඟාවලිය සදහා ක්‍ර්‍රීීඩා කිරීමට අවස්ථාව ලබා නොදීමට ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇති බවද වාර්තා වනවා. නව ක්‍රමවේදය යටතේ ගිවිසුම් අත්සන් නොකරන ලෙස ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සෙසු ක්‍රීඩකයින්ට බලපෑම් සිදුකර ඇති බවටද තොරතුරු වාර්තා වනවා.

 

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ 03 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය ලබන 13 වනදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

nethnews

No comments

Ads Place