Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලාංකිකයන් ලක්‍ෂ 06කට වැඩි පිරිසක් රට හැර යන්න පෝලිමේ.. වීසා අංශ හෙලි කරලා..

  නව රජය බලයට පත්වීමෙන් පසු ‍ශ‍්‍රී ලාංකිකයන් හය ලක්ෂයට වැඩි සංඛ්‍යාවක් රටින් පිටව යාම සඳහා වෙනත් රටවලින් වීසා අයදුම් කර ඇති බව එක්සත් ජාතික...

 


නව රජය බලයට පත්වීමෙන් පසු ‍ශ‍්‍රී ලාංකිකයන් හය ලක්ෂයට වැඩි සංඛ්‍යාවක් රටින් පිටව යාම සඳහා වෙනත් රටවලින් වීසා අයදුම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

මෙසේ අයිති වීසා ඉල්ලා ඇති පිරිසෙන් බහුතරයක් සිංහල බෞද්ධයන් වීම විශේෂ බවත් උගතුන් ව්‍යාපාරිකයන් වෘත්තීයවේදීන් මේ ආකාරයෙන් රට හැර යාමෙන් බුද්ධිගලනය වීම මත ශ්‍රී ලංකාව ඉදිරියේ දී විවිධ අංශයන්ගෙන් පසුබැස්මට ලක් වනු ඇතැයිද ඔහු පැවසීය.

මෙම වසරේදී මේ ආකාරයෙන් වැඩිම වීසා ප්‍රමාණයක් අයදුම් කර ඇතැයි ද පැවසූ ඔහු ලාංකිකයන් වීසා අයදුම් කර මේ ප්‍රතිශතය මෙතරම් ඉහළ ගිය මුල්ම අවස්ථාව මෙය යැයිද සඳහන් කළේය.

වීසා අයදුම් කිරිම අතින් යුරෝපා රටවල්, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව හා කැනඩාව ප්‍රමුඛස්ථානය සිටින බවත් වීසා නිකුත් කිරීමේ සේවා වලින් ඉහත තොරතුරු තහවුරු වී ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

ශ‍්‍රී ලාංකිකයන් රට හැර යාමට ප්‍රධාන හේතු වී ඇත්තේ ආර්ථිකය හැසිරවීම හා රට ස්ථාවර කිරීමට වත්මන් ආණ්ඩුවට නොහැකි වීම නිසා බවත් පැවසූ ඔහු මෙවැනි තත්ත්වයන් ඇති වීම මත ආර්ථිකයටත් අනාගතයටත් දැඩි ලෙස බලපාන බව තව දුරටත් කියා සිටියේය.

lankacnews

No comments

Ads Place