Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගතවූ මාස 06 තුළ ළමුන් සම්බන්ධ පැමිණිලි 5,000 ක් - ළමාරක්ෂක අධිකාරිය හෙළි කරයි

  මෙම වසරේ ගත වූ මාස හය තුළ ළමා අපයෝජන සිද්ධින්වලට අදාළ පැමිණිලි 5,000 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ජාතික ළමාරක්‍ෂක අධිකාරිය පවසනවා. ඉකුත්...

 


මෙම වසරේ ගත වූ මාස හය තුළ ළමා අපයෝජන සිද්ධින්වලට අදාළ පැමිණිලි 5,000 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ජාතික ළමාරක්‍ෂක අධිකාරිය පවසනවා. ඉකුත් වසරේදී ළමා අපයෝජන සිද්ධීන්ට අදාළ පැමිණිලි 8,000 ක් ලැබී තිබුණා. ඒ අනුව මෙම වසරේ ගත වූ මාස 6 තුළ එවැනි පැමිණිලි 5,423 ක් වාර්තාවීම බරපතල තත්ත්වයක් බවයි ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ නෙත් නිවුස් වෙත කියා සිටියේ.


දැඩි කතාබහක් මතුවු එවැනි ළමා අපයෝජන සිද්ධියක් පිළිබද ඉකුත් දිනවල ගල්කිස්ස ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඒ, 15 හැවිරිදි දැරියක් අන්තර් ජාලය හරහා මුදලට විකිණීමේ සිදුවීමක් සම්බන්ධයෙන්. මේ වනවිට එම සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව ඇතුළු පුද්ගලයින් 40 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.


ඒ අතර වෙබ් අඩවි හිමිකරුවන්, නාවික හමුදා විශේෂඥ වෛද්‍යවරයෙක්, මැණික් ව්‍යාපාරිකයන්, හිටපු බැංකු කළමණාකරුවෙකු සහ පොලිස් නිලධාරියෙකු ද වනවා.  එලෙස අත්අඩංගුවට ගැණුණු කිහිප දෙනෙකු පසුව ඇප මත මුදා හැරුණා.

වර්තමානයේ සමාජයෙන් වාර්තා වන මෙවැනි සිදුවීම් පිළිබද අවධානය යොමු කරමින් මෙම කාලසීමාවේදී මව්පියන් දරුවන් පිළිබද පෙරට වඩා සැලකිලිමත් විය යුතු බවයි ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ පෙන්වා දුන්නේ.

nethnews

No comments

Ads Place