Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිරුවත් ජායාරූප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහල 05 දෙනෙකු අත්අඩංගුවට

නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලය හරහා මුදාහැරීමේ චෝදනා සම්බන්ධයෙන් පසුගිය සතියක කාලය තුළ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව...


නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලය හරහා මුදාහැරීමේ චෝදනා සම්බන්ධයෙන් පසුගිය සතියක කාලය තුළ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.


පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය වෙත ලැබී තිබූ පැමිණිලිවලට අදාළව සිදු කෙරුණු විමර්ශනවලදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.


ඒ අනුව, පිටකෝට්ටේ සහ රාජගිරිය ප්‍රදේශවල පදිංචි 26 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු ද, මහනුවර පූජාපිටිය ප්‍රදේශයේදී 23 හැවිරිදි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.


ඊට අමතරව පිළියන්දල නාම්පමුණුව ප්‍රදේශයේදී ද 39 හැවිරිදි පුද්ගලයෙක් සහ ගම්පහ ප්‍රදේශයේදී 31 හැවිරිදි පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගෙන ඇත.


මෙම 31 හැවිරිදි පුද්ගලයා විසින් තවත් අයෙකුගේ ෆේස්බුක් ගිණුමට ඇතුළු වී ඔහුගේ මුරපදය වෙනස් කර අසභ්‍ය ඡායාරූප ඇතුළත් කර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියා.


විවාහවීමට පෙර පෙම්වතුන් ලෙස සිටියදී ලබාගන්නා ඡායාරූප සහ වීඩියෝ දර්ශන වෙනත් කෙනෙකු සමග විවාහ වන අවස්ථාවේදී විවිධ ආකාරයට සමාජ මාධ්‍ය ජාලවල පළ කිරීම ප්‍රවණතාවයක් මේ වනවිට දක්නට ලැබෙන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

 

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර තවදුරටත් විමර්ශන කරන බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ.

nethnews

No comments

Ads Place