Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

MOH නොදනී.. බාහිර පිරිසක් එන්නත් කරණයේ.. සියයක් පමණ රෝහලේ.. ‘එන්නත් කලේ අප නොවේ’ MOH නිවේදනයක්..

  දෙහියත්තකන්ඩිය ප්‍රදේශයේ ඇඳුම් කම්හලක සිදු කරන ලද කොරෝනා එන්නත්කරණයෙකින් පසුව ඇති වූ සංකූලතා මත සේවකයන් සිය දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් රෝහල්...


 දෙහියත්තකන්ඩිය ප්‍රදේශයේ ඇඳුම් කම්හලක සිදු කරන ලද කොරෝනා එන්නත්කරණයෙකින් පසුව ඇති වූ සංකූලතා මත සේවකයන් සිය දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් රෝහල්ගත කර තිබේ.

තවත් පිරිසකට සංකූලතා ඇතිව තිබේ.

මෙම එන්නත් කරන වැඩසටහන ගැන තමන් දැනුවත් නැති බවත් එයට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කිසිදු අයුරකින් සම්බන්ධ නැති බවත් හිඅත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

එම එන්නත් කරන වැඩ පිළිවෙළ සම්පූර්ණයෙන්ම සිදු කර ඇත්තේ බාහිර පාර්ශව විසින් යැයි ද ඔවුන් නිවේදනය කරයි.

මේ බව සඳහන් කරමින් එම කාර්යාලය විසින් සිදු නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

—————–

ජූනි 28 – අද දින දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ යම් ඇඟලුම් කම්හලක කොවිඩ් එන්නතෙන් පසු සංකූලතා මතුවීමෙන් සේවකයන් 100 කට ආසන්න ගනනක් රෝහල්ගත කිරීමට සිදුවිය. තවත් පිරිසකට සංකූලතා ලක්ශන ලක්ෂන ඇතිවිය.

අදාල එන්නත් වැඩසටහන ගැන අප දැනුවත් නැති අතර, එයට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය කිසිඳු අයුරකින් හෝ සම්බන්ධ ද නැත. එය සම්පූර්ණයෙන්ම සිදුකර ඇත්තේ බාහිර පාර්ශවයක් විසිනි.

අප පසුගියදා 5200 ක් දෙනා කොවිඩ්19 සඳහා එන්නත් කල අතර ඉන් තිදෙනෙකුට පමනක් විනාඩි කීපයක සුලු ක්ලාන්තය ගතියක් හටගත් අතර කිසිවෙකු රෝහල් ගතකිරීමට සිදුවූයේ නැත.

සුරක්ෂිත එන්නත් – අලුත උපන් බිලිඳාගේ සිට වැඩිහිටියන් දක්වා වසරකට දහස් ගනනක් එන්නත් කරන අප, එන්නත්කරනය ගැන ඉතා හොඳින් පුහුනුව ලැබූ සෞඛ්‍ය කන්ඩායමක් බව නැවතත් සහතික කර සිටිමු.

ඔබේ දරුවාට, ඔබට ලබාදෙන එන්නත් ඉතාම සුරක්ෂිතව නිරන්තරයෙන්ම අදාල උශ්නත්වයේ රඳවාගනිමින් අප විසින් ඔබට ලබාදී ඇත.

එනිසා, අප විසින් ලබාදීමට නියමිත ඉදිරි කොවිඩ් එන්නත් සඳහා ද ඔබට පෙර පරිදිම ඉතා විශ්වාසයෙන් යුතුව ඉදිරිපත් විය හැක.

ඒ සම්බන්ධයෙන් බොහෝදෙනා දිගින් දිගටම අපගෙන් විමසීම් කරන නිසා මේ සටහන තබමු.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය
දෙහිඅත්තකණ්ඩිය


lankacnews

No comments

Ads Place