"මේ කාබනික ගොවිතැන කියන එක පිළිබඳ අපේ මේ ඉන්න සමහර කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් ඉගෙනගෙන නෑ. ඒ අය දන්නෙ නෑ ඒක ගැන. එතකොට ඒක ගැන අද ලෝ...

"මේ කාබනික ගොවිතැන කියන එක පිළිබඳ අපේ මේ ඉන්න සමහර කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් ඉගෙනගෙන නෑ. ඒ අය දන්නෙ නෑ ඒක ගැන. එතකොට ඒක ගැන අද ලෝකෙ දියුණු වෙලා තියෙනවා. එතකොට කාබනික ගොවිතැන දියුණු කරන්න අර නයිට්‍රිජන් ප්‍රමාණය ෆික්ස් කරලා වැඩිකිරීම සඳහා තියෙනවා අද තාක්ෂණය. ඒක නිසා බටහිර කාබනික ගොවිතැන කියන එක ඉගනගත්ත අයගෙ තාක්ෂණය අපි මෙරටට ගන්න අවශ්‍යයි. ඒ තාක්ෂණය ගැනීම සඳහා අපි නිහතමානී වෙන්න අවශ්‍යයි. මේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සමහර නිලධාරීන් දන්නෙත් නෑ, දන්න කෙනෙක්ගෙන් අහන්න ලෑස්තිත් නෑ. අනිත් එක ඒ අය සමහර පිරිස් මේ කියන කෘෂි රසායන සමාගම්වලින් පැහැදිලිවම යැපෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා මේ බව පැවසුවේ ඊයේ (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
lankanewsweb
No comments