Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Get Ready : අරක්කු නිවසටම ඔන්ලයින් ක‍්‍රමයට..

  ඔන්ලයින් ක්‍රමවේදය මගින් පාරිභෝගිකයන් සඳහා සුපිරි වෙළෙඳ සැල වලින් මත්පැන් පැන් මිලදී ගැනීම සදහා මුදල් අමාත්‍යංශයට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැ...

 


ඔන්ලයින් ක්‍රමවේදය මගින් පාරිභෝගිකයන් සඳහා සුපිරි වෙළෙඳ සැල වලින් මත්පැන් පැන් මිලදී ගැනීම සදහා මුදල් අමාත්‍යංශයට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව කියා සිටී.

විවිධ පාර්ශව වලින් ඒ සඳහා ලැබී ඇති ඉල්ලීම් අනුව අදාළ නිර්දේශ හා නිරීක්ෂණ මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය සදහා දැනටමත් ඉදිරිපත් කර ඇතැයි සුරාබදු කොමසාරිස්වරයා පවසයි.

ඔහු විශ්වාස පල කරන්නේ මුදල් අමාත්‍යාංශයෙන් ඒ සඳහා කොන්දේසි සහිත අවසරයක් ලැබෙනු ඇති බවය.

සංචරණ සීමා ක්‍රියාත්මක වෙද්දී බොහෝ පිරිස් තම නිවෙස් වල මත් පැන් පෙරීමට පටන් ගෙන තිබීමත් රජයට දිගුකාලීනව බදු ආදායම් අහිමි වීමේ අවදානමක් ඇති නිසාත් මෙම අවසර ඉල්ලූ බවද දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඉදිරියේදී එම අවසරය බොහෝ දුරට ලැබෙනු ඇති බවද දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරයි.

No comments

Ads Place