Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නව චක‍්‍රලේඛයක්.. නිවෙස් තුල මිය යන අය කොරෝනා පරික්‍ෂණ නොකරයි..

  නිවෙස් තුල දී මියයන පුද්ගලයන් සම්බන්ධයෙන් කොරෝනා පරීක්ෂණ සිදු නොකර එම මෘතදේහය නිදහස් කිරීමට හදිසි මරණ පරීක්ෂක වරුන්ට හා ග්‍රාම නිලධාරීවරුන...

 


නිවෙස් තුල දී මියයන පුද්ගලයන් සම්බන්ධයෙන් කොරෝනා පරීක්ෂණ සිදු නොකර එම මෘතදේහය නිදහස් කිරීමට හදිසි මරණ පරීක්ෂක වරුන්ට හා ග්‍රාම නිලධාරීවරුනට බලය ලබා දෙමින් සෞඛ්‍ය ලේකම්වරයා විසින් ලිපියක් නිකුත් කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් කොරෝනා වෛරසය සමාජගත වීමෙන් දැඩි අවදානමක් ඇති වී තිබෙන බවයි.

මීට පෙර නිවෙස් වල මිය පුද්ගලයන්ගේ මෘතදේහ නිදහස් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන්, මහජන සෞඛ්‍ය සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ වාර්තාවක් ලබාගැනීම සිදු වූ බව ද ඔහු පෙන්වා දෙයි.

නව තීරණය හේතුවෙන් නිවස් වල දී මිය යන කොරෝ්නා ආසාදිත පුද්ගලයන් හේතුවෙන් වෛරසය සමාජය පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

නිවෙස් තුළ දී මිය යන පුද්ගලයන්ට කොරෝනා ආසාදිත යයි හෙලි වුවහොත් එම නිවැසියන් හා ප්‍රදේශවාසීන් නිරෝධායනයට ලක්කර වෛරසය පැතිරයාම පාලනයට මෙතෙක් කටයුතු කළ ද නව දැනුම් දීම හේතුවෙන් එසේ කිරීම නොහැකිවීම පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බවද උපුල් රෝහණ මහතා කියා සිටියේය.

මීට පෙර නිවාස වල මිය ගිය බොහො දෙනෙකු කොරෝනා ආසාදිත බව තහවුරු වුවත් නව තීරණය හේතුවෙන් එම මරණ කොරෝනා මරණ ලෙස හදුනා ගැනීමට නොහැකි වනු ඇතැයිද ඔහු තව දුරටත් පැවසීය.

lankacnews

No comments

Ads Place