Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රසායනික පොහොර මාෆියාවක්.. ඊට තිත තැබිය යුතුයි.. මහ කන්නයට ගොවීන්ට කාබනික පොහොර..- චමල්

  නිරෝගී සහ ඵලදායි පුරවැසියෙක් බිහිකිරීමට වස විසෙන් තොර ආහාර නිෂ්පාදනයක් රට තුළ ඇති කළ යුතුය බව වාරිමාර්ග අමාත්‍ය, රාජ්‍ය ආරක්ෂක ආපදා කළමනාක...

 


නිරෝගී සහ ඵලදායි පුරවැසියෙක් බිහිකිරීමට වස විසෙන් තොර ආහාර නිෂ්පාදනයක් රට තුළ ඇති කළ යුතුය බව වාරිමාර්ග අමාත්‍ය, රාජ්‍ය ආරක්ෂක ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සෑම මසකම පවත්වන ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකා ජාතික සම්බන්ධීකරණ කෘෂිකර්ම අනුකමිටුව (online ක්‍රමයට) අන්තර්ජාල මාර්ගස්ථ ක්‍රමයට පැවැත්වූ රැස්වීමට එක්වෙමින්.

රසායනික පොහොර මාෆියාවට තිත තැබිය යුතු කාලය එළැඹ ඇති බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. එළඹෙන මහ කන්නයට පෙර ගොවි ජනතාවට කාබනික පොහොර ලබා දීමේ වැඩපිළිවෙළක් රජය සකසා ඇත. කාබනික පොහොර යොදාගෙන අස්වැන්න වැඩි කිරීම සම්බන්ධයෙන් ගොවි ජනතාව දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් ඇති කළ යුතුයි.

කෘතීම රසායනික පොහොර සහ වල් නාශක භාවිතය අවම කිරීම සදහා රජය ගත් ඓතිහාසික පියවරට සමගාමිව කාබනික පොහොර දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමේ දීපව්‍යාප්ත වැඩපිළිවෙළ පිලිබඳව මෙහිදී සාකච්ඡා විය.

වී වගාව මෙන්ම උඩරට ගොවීන්ගේ අල ඇතුළු එළවළු වගාවටද සරිලන පරිදි ගුණාත්මක සංයුතියකින් යුක්තව පොහොර නිෂ්පාදනය කළ යුතු බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කරන ලදී.

දැනට පොහොර නිෂ්පාදනයේ යෙදෙන සියලුම ආයතන තම තමන්ගේ නිෂ්පාදන ධාරිතාවයන් පිලිබඳව නිවැරැදි සංඛ්‍යාලේඛන කෘෂිකර්ම අනුකමිටුව වෙත ඉදිරිපත් කිරීම තුලින් කාබනික වගාව ප්‍රචලිත කිරිමේ රාජ්‍ය සෘජු මැදිහත් වීම ඉහල සාර්ථකත්වයක් ලබා ගනු ඇත.

කාබනික ආහාර නිශ්පාදන සදහා දේශීයව මෙන්ම විදේශීයවද විශාල ඉල්ලුමක් පවතින අතර එම ආහාර වල ගුණාත්මක භාවයද ඉහල අගයක් ගනී.
මේ නිසා කාබනික පොහොර යොදා ගැනීම පිලිබඳව විවිධ ආයතන මගින් සිදු කරන පර්යේෂණ වල ප්‍රතිඵල ගොවීන් වෙත ලබාදීම සදහා නිශ්චිත වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙසද සියලු ආයතන වලින් ඉල්ලා සිටින ලදී.

තවද කාබනික පොහොර නිෂ්පාදනයේදි එහි ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීම සදහා අවශ්‍ය, පසට හානි නොවන මිශ්‍රණයන් සිදුකල යුතු බවද අවධාරණය කරන ලදී.

ජාතික ආහාර සුරක්ෂිතතාවය සදහා වාරි සෞභාග්‍යයා ජාතික වැඩසටහන යට්තේ ග්‍රාමිය වැව් අමුණු හා වාරි කෘෂි ඇල මාර්ග කඩිනමින් සිදුකිරීමටත්,එහිදී වැව් ජලාශ මතින් ඉවත් කරන විවිධ ජලජ පැළෑටි ගෘහස්ථ කාබනික පොහොර නිෂ්පාදන කටයුතු සදහා භාවිතා කිරීමට ගොවීන් වෙත ඉඩ දිය යුතු බවත් මෙහිදී තීරණය කරන ලදී.

කාබනික වගාව සහ පොහොර නිෂ්පාදනය ,ආහාර සුරක්ෂිතතාවය සහ වැව් අමුණු ප්‍රතිසංස්කරණය වැනී කරුණු වලට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවද අමාත්‍යය චමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් මේ දී පෙන්වා දුන්නේය.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය ජාතික සම්බන්ධීකරණ කෘෂිකර්ම අනුකමිටුවේ සභාපතිවරයාද වන්නේ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතායි.

මෙම අනු කමිටු රැස්වීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ,පරිසර අමාත්‍ය මහින්ද අමරවීර , ඉඩම් අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන සහ වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක යන්න මහත්තුරුන් මෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ , සිරිපාල ගම්ලත්, විමලවීර දිසානායක, අනුරාධ ජයරත්න, කනක හේරත්, ජානක වක්කුඹුර මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ රැසක ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරුන් එක්ව සිටියහ .

No comments

Ads Place