Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංකාවේ කාබනික පොහොර ව්‍යාප්තිය අසාර්ත වුනොත් ලෝකෙටම බලපානවා..- ජර්මනිය, ස්විට්සරලන්තය ලංකාවට දැනුම් දේ..

  ජර්මනිය, ස්විස්ර්ලන්තය ඇතුළු යුරෝපයේ ප්‍රධාන රටවල් අටක් කාබනික පොහොර නිෂ්පාදනය සදහා මෙරටට සහාය දීමට ඉදිරිපත් වී ඇති බව ජනාධිපති ගෝටාභය රාජ...

 


ජර්මනිය, ස්විස්ර්ලන්තය ඇතුළු යුරෝපයේ ප්‍රධාන රටවල් අටක් කාබනික පොහොර නිෂ්පාදනය සදහා මෙරටට සහාය දීමට ඉදිරිපත් වී ඇති බව ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා පැවසූ බව අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අදහස් පල කලේ වයඹ ඇළ සංවර්ධන ව්‍යාපෘතියේ වත්මන් තත්වය සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමිනි.

කැබිනට් හමුවේදී අතිගරු ජනාධිපතිතුමාත් ඒ වගේම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ ඇමතිතුමාත් අපිව දැනුවත් කලා ජර්මනිය, ස්විස්ර්ලන්තය ඇතුළු යුරෝපයේ ප්‍රධාන රටවල් අටක් කාබනික පොහොර නිෂ්පාදනය සදහා අපට සහයෝගය දෙන්න ඉදිරිපත් වෙලා තියෙනවා කියලා. එම රටවල් පුළුවන් උපරිම සහයෝගය අපට ඒ සදහා ලබා දෙනවා කියලා අතිගරු ජනාධිපතිතුමා අපිව දැනුවත් කලා.

මේක අපේ රටට ඉතාමත්ම හොඳ පණිවිඩයක්. ඔවුන් කියන්නේ අපේ රටේ කාබනික පොහොර නිෂ්පාදනය අසාර්ථක වුවහොත් මේක මුළු ලෝකෙටම බලපානවා කියලා. අනිත් රටවල් වලටත් මේක ඉදිරියට ගෙනියන්න බැරි වෙනවා කියලා.

එනිසා අතිගරු ජනාධිපතිතුමා, ප්‍රබල නායකයෙක් හැටියට කාබනික පොහොර සම්බන්ධයෙන් තීරණයක් ගත්තා. නිකන් නායකයකුට මේ වගේ දැඩි තීන්දුවක් ගන්න බැහැ. විපක්ෂය මිනිස්සුන්ව මොනතරම් උසිගන්වලා කාබනික පොහොර වලට එරෙහිව මතයක් ගොඩනගලා, විවේචනය කරලා මේක නවත්වන්න හැදුවත් මිනිස්සුන්ගේ ජීවිතවලට අසීමිතව ආදරය කරන නායකයෙක් විදිහට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අපේ රටේ කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය සැලසුම් සකස් කර හමාරයි. ඒ නිසා තමයි හැටනම ලක්ෂයක් ඡන්දෙ දීලා සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න අවස්ථාව ලබාදුන්නේ. අපි එම ප්‍රතිපත්තිය fast-track කරලා තියනවා, එහෙම නැත්නම් සීඝ්‍රගාමී කරලා එම ප්‍රතිපත්තිය රටේ සංවර්ධනයට යෙදවලා තියනවා.

දැන් විපක්ෂය අහනවා අවුරුදු දහයක් දිගෑරලා කරන්න තියන දේ ඇයි මේ මේක එක පාර කරන්නේ කියලා. මේ තීරණය ගන්න තව අවුරුදු නමයක් පරක්කු වෙනවා කියන්නේ තවත් අපේ රටේ අහිංසක ජනතාවගේ ජීවිත විනාශ වෙනවා කියන එක. තරුණ පරම්පරාව විනාශ වෙන එකයි ඒකෙන් වෙන්නේ. ඒ නිසා ගතයුතු ක්‍රියාමාර්ග ගන්න ප්‍රබල වෙන්න ඕනා. රටේ නායකයෙක් ශක්තිමත් වෙන්න ඕනා. කොන්ද පණ තියෙන්න ඕනා. ඒ නිසා හැම අභියෝගයකට මුහුණ දෙමින් කාබනික පොහොර නිෂ්පාදනය කිරිමේ තීන්දුව අරන් තියෙනවා. මේක සාර්ථක වෙනවා කියලා අපිට දැඩි විශ්වාසයක් තියෙනවා.

මාධ්‍ය ඒකකය                       
මහාමාර්ග අමාත්‍යාංශය

lankacnews

No comments

Ads Place