Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මේජර් ජනරාල්වරයෙකුට විරුද්දව රට පුරා වැඩ වර්ජනයක්…

  මින්නේරිය ජාතික වන උද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජිවි නිලධාරින්ගේ රාජකාරියට බාධා කල මේජර් ජෙනරාල් මොහාන් රත්නායක මහතා ඇතුළු යුධ හමුදා න...


 මින්නේරිය ජාතික වන උද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජිවි නිලධාරින්ගේ රාජකාරියට බාධා කල මේජර් ජෙනරාල් මොහාන් රත්නායක මහතා ඇතුළු යුධ හමුදා නිලධාරින් සම්බන්ධයෙන් හබරණ පොලිසිය වෙත පසුගිය දා සිදුකල පැමිණිල්ලට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්විම සම්බන්ධයෙන් දිවයින පුරා සිටින වනජිවි නිලධාරින් 2021.07.02 දින සංකේත වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලෙන බව සමස්ත ලංකා වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

ප්‍රභාෂ් කරුණාතිලක මහතා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ අලි පැටවෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් තම නිලධාරින්ට ලද තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා (25) දින මින්නේරිය රක්ෂිතය තුල සැගව සිටියදි රක්ෂිතය තුලින් වාහන වලින් පැමිණි මේජර් ජෙනරාල්වරයා ඇතුළු යුධ හමුදා භට පිරිස් අණ නොතකා ධාවනය කර පසුව පැමිණ හමුදා නිල ඇදුම සහ නිල තල අවභාවිතා කරමින් තම නිලධාරින්ගේ රාජකාරියට බාධා කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් හබරණ පොලිසියට පැමිණිල්ලක් සිදු කලද එම පැමිණිල්ලට මෙතෙක් නිසි ක්‍රියාමාර්ගයක් නොගැනිම හේතුකොට ගෙන මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එලඹිමට තිරණය කල බවයි.

වනජිවි දෙපාර්තුමේන්තුවේ ඇතැම් උසස් නිලධාරිගේද සහයෝගය මත සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර යුධ හමුදා කදවුර වෙත ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙස මේ වන විට විවිධ අයුරින් බලපැම් එල්ල වි ඇති බවද ප්‍රභාෂ් කරුණාතිලක මහතා වැඩි දුරටත් පැවසිය.

lankacnews

No comments

Ads Place