සල්ලි තියෙනවා කියා කයිවාරු ගැහුවට ප්‍රශ්න ප්‍රශ්නය විසඳන්න බැරි බවත් ශ්‍රී ලංකාව විශාල අර්බුදයක සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්...
සල්ලි තියෙනවා කියා කයිවාරු ගැහුවට ප්‍රශ්න ප්‍රශ්නය විසඳන්න බැරි බවත් ශ්‍රී ලංකාව විශාල අර්බුදයක සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
සත්‍ය වශයෙන්ම අද වන විට ශ්‍රී ලංකාවට ඇත්තේ විදේශ සංචිතය ඩොලර් බිලියන හතරක් බවක් අප සිටින්නේ ඩොලර් හිගයක බවත් ඒ මහතා පවසයි.
කවුරු හිටියත් මෙම තත්ත්වයට මුහුණදීමට සිදුවෙන බවත් ජනතාවට සත්‍ය තත්ත්වය පැවසිය යුතු බවත් ඒ මහතා කියා සිටී.
ඉන්ධන මිල වැඩි කිරීම විශාල ප්‍රශ්නයක් වුවත් ආණ්ඩුවක් ලෙස විශාල අර්බුදයකට මුහුණ දී සිටින වෙලාවක වෙන විකල්පයක් නොමැති බවත් ඒ මහතා සඳහන් කළේය.
ඉන්ධන මිල වැඩි කරන ලද්දේ කිසිවකුගේ බඩවියත රැක ගැනීමට නොවන බවද ඔහු පැවසීය.
කුරුණෑගල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පල කලේය.
No comments