Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බැසිල් කියන්නෙ ශක‍්‍රයා නොවෙයි.. ඔහු ආ ගමන් තෙල් මිල අඩු කරන්න බෑ..- ප‍්‍රසන්න

  බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය ජනාධිපති වරයාගේ සහ  අග්‍රාමාත්‍යවරයාගේ වත්මන් වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා විශාල ශක්තියක් වනු ...

 


බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය ජනාධිපති වරයාගේ සහ  අග්‍රාමාත්‍යවරයාගේ වත්මන් වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා විශාල ශක්තියක් වනු ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අද පෙරවරුවේ යාල වනඋද්‍යානයේ ගල්ගේ නව පිවිසුම විවෘත කිරිමේ අවස්ථාවේදී  බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්  නැඟූ ප්‍රශ්න වලට  පිළිතුරු දුන් අමාත්‍යවරයා සඳහන් කළේ බැසිල් රාජපක්ෂ යනු හොඳ සංවිධායකවරයෙක් වන  අතර  තමන් වෙත පැවරුණු   සියලු වගකීම් සාර්ථකව ඉටු කළ  නායකයෙක් බවයි .

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරනවා නම් මම පෞද්ගලිකව කැමති.

අද කවුරු මොනවා කිව්වත් 2005 මහින්ද රාජපක්ෂ මහතා බලයට පැමිණි අවස්ථාවේදී ගෝඨාභය මහත්තයා යුද්ධෙ කරන්න බාර ගන්න කොට යුද්ධයෙන් රටේ ආර්ථිකය කඩා වැටෙන්න නොදී ආර්ථිකය ශක්තිමත් කළ නායකයා වන්නේ බැසිල් රාජපක්ෂයි. ඒ වගේම එතුමාගේ සංවිධාන ශක්තිය ගැන කතා කළොත් දෙදහස් පහළොවේ මහින්ද මහත්තයා පැරදුන වෙලාවේ මහින්ද සුළඟේ  හිටපු කෙනෙක් තමයි මම.

නමුත් මහින්ද සුළඟත් එක්ක ආපු පාර්ලිමේන්තු මැතිවරණය අපි පරාදයි.එදා සිද්ද වුණේ කබලෙන් ලිපට වැටුණා  වගේ දෙයක්. නමුත් ඊට පස්සේ මේ රටේ පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරන්න පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරන්න ජනාධිපතිවරණය වැඩි බලයකින් ජයග්‍රහණය කරන්න නායකත්වය දුන්නේ පොහොට්ටුව නිර්මාණය කරපු බැසිල් රාජපක්ෂ මහතායි. එතුමාට හොඳට වැඩ කරන්න පුළුවන් නායකයෙක්. එතුමා පාර්ලිමේන්තුව නියෝජනය කළොත් එය ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ගෙන යන වැඩපිළිවෙලට ලොකු ශක්තියක් එක් කරනවා.

කොවිඩ් වසංගතය  නැති කාලෙත් රටම විනාශ කරලා ආර්ථිකයත් විනාස කරල රටේ ජාතික ආරක්ෂාත් විනාශ කරලා ගියපු යහපාලන ආණ්ඩුවෙ හිටපු අය තමයි අද ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අසාර්ථකයි කියලා කියන්නේ. අද වෙනකොට ඒ අය ෆේල් වෙලා ජනතාව ඒ අයව අයින් කරලා තියෙනවා.අපිට තව අවුරුදු හතරක් ඉදිරියට තියෙනවා. මේ වසංගතයක් එක්ක අපි දැන් අවුරුදු එකහමාරක් ගැටෙනවා. 2022 අවසාන වෙනකොට ලෝකයේම එන්නත්කරණය සාර්ථකව සිදු වුණාට පසුව රටේ ආර්ථිකය ගොඩ ගැනීමට පුළුවන් කියලා කියලා අපි විශ්වාස කරනවා. ජනාධිපතිතුමා මේ වෙනකොට කරලා තියෙන දේවල් ගැන අද කවුරුත් කතා කරනවා අඩුයි.

මේ වසංගතයක් එක්ක අපේ රට විතරක් නෙමෙයි ලෝකයම ආර්ථික වශයෙන් කඩා වැටිලා තිබෙනවා.අපි මේ වෙනකොට හිස ඔසවා ගෙන රජය මේ ගෙන යන වැඩ පිළිවෙලත් එක්කයි.උපාධිධාරීන්ට රැකියා ලබා දුන්නා ,තරුණයින් ලක්ෂයකට රැකියා දුන්නා,බදු සහන ලබා දුන්නා,රටේ දේශීය නිෂ්පාදනය වැඩි කරන්න අවශ්‍ය පසුබිම සකස් කරල දුන්නා,දැන් මේ වෙනකොට අවුරුදු ගාණකින් හැදුනේ  නැති රටේම පාරවල් ටික හදමින් පවතිනවා. ඒ වගේ වැඩ කොටසක් දැනට කෙරෙනවා.නමුත් ඊට වඩා කොරෝනා වසංගතයක් සමග ඇති වුණ ගැටලු නිසා රටේ මිනිසුන්ගේ අවධානය යොමු වෙලා තියෙන්නෙ ඒ ගැනයි.

රටේ ණය බර සම්බන්ධයෙන් මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා -: ජනාධිපති වරයාගේ සංකල්පය වන්නේ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැගීමයි. එතුමා තමන්ගේ අයවැයෙන් ඉදිරිපත් කළෙත් ඒකයි.මේ කොවිඩ් වසංගතයක් එක්ක  ලෝකයම තමන්ගේ රටවල් නිෂ්පාදන ආර්ථිකයකට ගෙන යන්න උත්සාහ කරනවා. ඒ නිසා තමයි අපේ රටෙත් අද වෙනකොට නිෂ්පාදිත ආර්ථිකයක් ඉලක්ක කරගෙන වැඩපිළිවෙළක් ආණ්ඩුව විසින් දියත් කරලා තියෙන්නේ.

බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු  ආගමනයෙන් අනතුරුව  ඉන්ධන මිල පහල දමන්නේ දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා සඳහන් කළේ  වත්මන් රජය තෙල් මිල   ඉහළ දැමූයේ අවුරුදු 2කට පසුව බව ඇතැමුන්ට අමතක වී ඇති බවයි.

පාර්ලිමේන්තුවට පැමිණි සැනින් තෙල් මිල අඩු කිරීමට බැසිල් රාජපක්ෂ යනු ශක්‍රයා නොවන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරනු ලැබුවා .ඇතැම් රටවල මාස තුනකට වරක් තෙල් මිල ඉහළ නංවනවා. නමුත් අපේ රජය ජනතාව පිට එවැනි  බරක් පටවන්න සූදානම් නැහැ.නමුත් ඉදිරියේදී ලෝක වෙළඳපළේ තෙල් මිල අඩු වුණොත් ලංකාවෙ තෙල් මිල අඩු කරන එක ගැන සලකලා බලනවා. අද වෙනකොට  විදේශ ශ්‍රමිකයින් දහස් ගණන් ලංකාවට එමින් සිටිනවා. ඒ අයව නඩත්තු කරන්නේ ආණ්ඩුවෙන්.ඒ අයගෙන් රටට එන ආදායම් මේ වෙනකොට අහිමි වෙලා තිබෙනවා. සංචාරක ව්‍යාපාරය බිඳ වැටීම නිසා එමගින් ලැබෙන ආදායමත් අහිමි වෙලා තිබෙනවා. බදු වලින් ලැබෙන ආදායමෙන් විශාල කොටසක් අහිමි වෙලා තිබෙනවා.මේ හැම දෙයක්ම අහිමි කරගෙන රටේ ජනතාවට රුපියල් පන්දහක සහනයක් ලබාදීමට කටයුතු කිරීම  ගැන අද කතා කරන්නේ නැහැ.

අද වෙනකොට කොවිඩ්  ආසාදිතයින්ට රජය  බිලියන ගණන් වියදම් කරමින් ඉන්නවා . එහෙම තියෙද්දි ඇයි රජයක් හැටියට අපි අභියෝගයකට ලක්වෙලා  තියෙනවා කියලා කියන්නේ.

lankacnews

No comments

Ads Place