Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විශාරද නන්දා මාලනීගේ ගීත සංයුක්ත තැටිවලට ඇතුළත් කළ අයෙකුට වැඩ වරදී

  මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචනා කොට විශාරද නන්දා මාලනී විසින් ගායනා කළ ගීත නීතිවිරෝධී ලෙස සංයුක්ත තැටිවලට ඇතුළත් කර විකිණීමේ චෝදනාවට ...

 


මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචනා කොට විශාරද නන්දා මාලනී විසින් ගායනා කළ ගීත නීතිවිරෝධී ලෙස සංයුක්ත තැටිවලට ඇතුළත් කර විකිණීමේ චෝදනාවට වරදකරු කළ විත්තිකරුවකුට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් පනවන ලද අත්හිටවූ සිරදඬුවම් හා රුපියල් ලක්ෂ පහක දඩය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර ඔහුගේ අභියාචන පෙත්සම නිෂ්ප්‍රභ කර තිබෙනවා.


ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන, ගාමිණි අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී .


ඒ අනුව පාදුක්ක ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් ඉදිරිපත් කළ අභියාචනයක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලදී .


2005 වසරේ කොළඹ මහජන පුස්තකාලයේ දී මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචනා කොට නන්දා මාලනිය විසින් ගායනා කරන ලද "යොවුන් වසන්තයේ සහ ඔන්න එකොමත්" යන ගීත සහ මහගම සේකරයන් විසින් රචිත "ගලන ගඟකි ජීවිතේ හා සන්නාලියනේ" යන ගීත නීතිවිරෝධී ලෙස සංයුක්ත තැටිවල පටිගත කර අලෙවි කිරීම තුළින් බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කළේ යැයි චෝදනා කොට පාදුක්ක ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයාට එරෙහිව කොළඹ අපරාධ විමර්ශන අංශය විසින් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරන ලදී .


පසුව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය සුසිල් ධර්මපාල නැමැත්තා වැරැදිකරු කොට දඩුවම් නියම කරන ලදී.

nethnews .

No comments

Ads Place