මොරටු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාට දුරකථන ඇමතුමක් දී ‘දැන් සැපද’ ඇසූ අයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. එම පුද්ගලයා මෙම දුරකථන ඇමතුම...
මොරටු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාට දුරකථන ඇමතුමක් දී ‘දැන් සැපද’ ඇසූ අයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
එම පුද්ගලයා මෙම දුරකථන ඇමතුම ලබා දී ඇත්තේ මොරටුවේ එන්නත්කරන වැඩකටයුතුවලට බාධා කලේ යයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව නගරාධිපතිවරයා ඇප මත නිදහස ලබා පැමිණි අවස්ථාවේදීය.
අදාල සිදුවීම පිළිබඳව පොලිසිය වෙත නගරාධිපතිවරයා කරන ලද පැමිණිල්ලක් අනුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයා සහ නගරාධිපතිවරයා අතර මීට පෙර ද ආරවුලක් සිදුව ඇතැයි ද ඒ සම්බන්ධයෙන් නඩුවක්ද විභාග වෙමින් ඇතැයිද වාර්තා වෙයි.
No comments