Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සාගරගේ ලිපියට උඩ බිම නැති වෙයි.. බැසිල්ද දන්නෙ නෑ කියයි…

  උදය ගම්මන්පිල මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා විසින් නිකුත් කළ නිව...


 උදය ගම්මන්පිල මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා විසින් නිකුත් කළ නිවේදනය බැසිල් රාජපක්ෂ මහතාගේ විසින් ලියවන ලද්දක් නොවන බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා පවසයි.

ඒ මහතා විසින් තම සමාජ ජාල ගිණුමේ කළ පැහැදිලි කිරීම මෙසේ දැක්වෙයි.

”පොදුජන පෙරමුණු මහ ලේකම් සාගර කාරියවසම්, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල වෙත ලියන ලද ලිපිය පිළිබඳ විවිධ අර්ථතන දෙමින් සිටිනු දැකිය හැකිය. එම අර්ථකථනවල කැපී පෙනෙන ලක්ෂණයක් නම් ඒ එකක හෝ මෙරට අති බහුතරයක් ජනතාවගේ මේ මොහොතේ දුෂ්කරතා පිළිබඳ අවධානය යොමු නොකර තිබීමයි. තව ද ලිපිය මගින්, ඇමතිවරයාව විවේචනයට භාජනය කරන්නේ මේ මොහොතේ මිළ වැඩි කිරීම යන කාරණාවට වඩා, එම තත්වය මගහැරීමට අවශ්‍ය මැදිහත් වීම අමාත්‍යාංශයක් ලෙස කිරීමට අසමත් ව ඇති යන කාරණය පදනම් කරගෙන වුව ද හිතා මතා එම කරුණ මගහැර, මිළ වැඩි කිරීමට පමණක් ප්‍රශ්නය ලඝු කරනු දක්නට ලැබේ. ඒ අමාත්‍යාංශය විසින් ඒ සඳහා පසුගිය කාලය පුරාම කිසිදු පියවරක් ගෙන නැති නිසා විය යුතුය. කටින් බතල සිටුවන අයෙකුට මෙවැනි භාරධූර අමාත්‍යාංශයක් වගකීම ඉටු කර නොහැකි බව සනාථ කර තිබේ. මේ අතර, දී ඇති අර්ථකථන අතර ප්‍රධානතම එකක් වන්නේ අදාළ ලිපිය, පොදුජන පෙරමුණු නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා විසින් තම හිතු මනාපයට පක්ෂ මහලේකම් ලවා ලියා යවා ඇති බවයි. එය අමූලික බොරුවකි. මේ ඒ ගැන පැහැදිලි කිරීමකි.

69 ලක්ෂයක ජනතාවගේ වගකීම ඇත්තේ පොදුජන පෙරමුණ වන අපගේ උර මත බව අප ඉතා තදින් විස්වාස කරන අතර, අප සමග එක්ව ආණ්ඩුව පිහිට වූ සුළු පක්ෂ බොහොමයක් ම කොළඹ කේන්ද්‍රීයව ක්‍රියාත්මත වේ. ඔවුන්ට මෙරට ගැමියා පිළිබඳ අවබෝධයක් හෝ සංවේදිතාවක් නැති බව අපගේ හැඟීමයි. මේ අතර ගම්මන්පිලගේ පක්ෂය ලංකාවේ ලියාපදිංචි එකක් හෝ නොවන ඒක පුද්ගල පක්ෂයකි. එම පක්ෂ රඳා පවතින්නේ මෙරට මධ්‍යම පාන්තික ජන සමාජයේ එක්තරා තීරුවක නියෝජනයක් ලෙස පමණි.

දේශපාලන පක්ෂයක් යනු ජනතාවගේ හදගැස්ම ඉතා හොඳින් හඳුනන එකකි. පොදුජන පෙරමුණ විශේෂයෙන්ම එවැනි එකකි. වත්මන් ආණ්ඩුව පවතින්නේ අප පක්ෂය මූලික කරගෙන බව සැබෑය. එහෙත් අප හා ආණ්ඩුව යනු පැහැදිලි ව ඒකක දෙකකි. සංවිධාන දෙකකි. ඒ අනුව, අපගේ වැදගත්ම කොටස්කරුවා වන ජනතාව පීඩාවට පත්වන විට අප නිහඬව නොසිටිනු ඇත. මේ පොදුජන පෙරමුණේ දර්ශනයයි. එය පදනම් වන්නේ “වෙනස් ව සිතීමට බිය නොවන්න” යන පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ දැක්ම මතය. අපගේ පරමාදර්ශී නායකයා වන මහින්ද රාජපක්ෂගේ ජනමූල දර්ශනය තුළින් අප පන්නරය ලබා ඇත.

පොදුජන පෙරමුණ සතුව ඉතා විධිමත් ලෙස සංවිධානය වූ ගම සමග වන සංනිවෙදන ජාලයක් පවතින අතර, ඉන්ධන මිළ වැඩි කිරීමත් සමග පක්ෂයේ පදනම වන ග්‍රාමිය මට්ටමින් පක්ෂ මහලේකම් වෙත ගලා ආ ඉල්ලීම් ප්‍රමාණය හා, ඒ තුළින් නැගුණු පීඩනය මෙහි අමුතුවෙන් ලිවිය යුතු නොවේ. වසංගතය හමුවේ ක්ෂය වී ගොස් ඇති තම ආර්ථිකය නිසා පහර කෑමට ලක් වූ මහජනතාව බියට පත්ව සිටියේ ඉන්ධන මිළ වැඩි කිරීමත් සමග ඉහළ යන අන් සියළු භාණ්ඩ හා සේවා ගාස්තු පිළිබඳවයි. එදාවේල සොයාගෙන ජීවිතය ගැට ගසා ගන්නා අති බහුතරයක් ජනතාව මේ මොහොතේ තම ජීවනෝපාය අහිමිව ගොස් තම ජීවිතය ගැට ගසා ගන්නේ කිව නොහැකි තරම් දුෂ්කරතා හමුවේ ය. ඉන්ධන මිළ වැඩිවීම එම තත්වය තවත් තීව්‍ර කළේ ය. එය තමන්ට දරා ගැනීමට නොහැකි වනු ඇති බවත්, මිළ සංශෝධනය පිළිබඳ නැවත සලකා බැලීමට කටයුතු කරන ලෙසත් ජනතාව ඉල්ලා සිටියහ.

මේ අතර, පොදුජන පෙරමුණ කල්පනා කරන්නේ මේ මොහොතේ ඉන්ධන මිළ වැඩිවීම ආර්ථිකයට කිසිදු ආකාරයක ශක්තිමත් නොවන බවය. මහමග යන වාහනවලින් අතිබහුතරයක් රජයේ ඒවාය. එම මුදල් බදුලෙස නැවත ආණ්ඩුවට එන්නේ නැත. ගමන් කරන පුද්ගලික වාහන තිබේනම් ඒවා අත්‍යාවශ්‍ය භණ්ඩ හා සේවා සපයන ඒවාය. ඉන්ධන මිළ වැඩිවීම නිසා එම වාහන ඍජුව තම භාණ්ඩවල හා සේවාවල මිළ වැඩි කරන අතර එය කොරෝනාවෙන් හා ගංවතුරෙන් පීඩාවට පත් වූ ජනතාව මතට ඍජුව කඩා වැටේ. ඒ අනුව, ආණ්ඩුවට ඉන්ධන බදු ලෙස ලැබෙන සොච්චමට වඩා දස ගුණයක් ජනතාව මත බර පැටවේ. එය දේශපාලනිකව මෙන්ම ආර්ථිකව ද කිසිදු සාධනීය ප්‍රතිඵල ඇති නොකරයි.

ඒ අනුව, ඉන්ධන මිළ වැඩි කිරීම හා ඒ ආශ්‍රිත තත්වය සම්බන්ධ කාරණාවල දී පොදුජන පෙරමුණ ක්‍රියාකොට ඇත්තේ මෙරට ජනතාවගේ සැබෑ නියෝජිතයින් ලෙස මිස කාගේ හෝ පුද්ගලික කැමැත්ත අකමැත්ත මත නොවේ. එය පුද්ගලයින් මත දමා ඇඟ බේරා ගන්නට උත්සාහ කිරීම යුක්ති යුක්ත නොවේ. අප ඉතා තදින් විස්වාස කරන්නේ ඉන්ධන මිළ වැඩි කිරීම සඳහා සුදුසු කාලය මෙය නොවන බවයි.”

No comments

Ads Place