Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සංචාරක ප්‍රවර්ධන වැඩ සැලැස්මක්…

  දිස්ත්‍රික් මට්ටමින් සංචාරක සංවර්ධන සැලැස්මක් සැකසෙයි. ඒ සඳහා අඳාල යෝජනා ලබා දෙන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා දිස්ත්‍රික් සම්බන්ධ...


 දිස්ත්‍රික් මට්ටමින් සංචාරක සංවර්ධන සැලැස්මක් සැකසෙයි. ඒ සඳහා අඳාල යෝජනා ලබා දෙන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගෙන් ඉල්ලයි.

මේ යටතේ ඒ ඒ දිස්ත්‍රික්ක වල දැනටමත් ඇති සංචාරක කලාප සංවර්ධනය කිරීමටත් නව සංචාරක ආකර්ෂණීය ස්ථාන හඳුනාගෙන ඒවා ප්‍රවර්ධනය කිරීමටත් ප්‍රමුඛතාවය ලබාදෙන ලෙසද ඇමතිවරයා ඉල්ලා තිබේ. ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය දිස්ත්‍රික් මට්ටමින් සිදුකරන ලද සාකච්ඡා සහ ජනාධිපතිතුමාගේ ගම සමඟ පිළිසඳරක් වැඩසටහන් වලදී මතුවූ යෝජනා සඳහාද ප්‍රමුඛතාව හිමිවේ. හඳුනාගනු ලබන සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අදාල යෝජනා ප්‍රමුඛතාවය පරිදි පෙළගස්වා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේද අනුමැතිය ඇතිව අමාත්‍යංශ වෙත යොමුකරන ලෙස ඇමතිවරයා ඉල්ලා ඇත.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි දිවයිනේ සියලුම සංචාරක කලාප හා නගර වල යටිතල පහසුකම් නංවාලීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවයි. මෙරටට පැමිණෙන වාර්ෂික සංචාරකයන් ප්‍රමාණය මිලියන 07දක්වා ඉහළ දැමීමත් එමඟින් වාර්ෂිකව රුපියල් බිලියන 10ක් ජාතික ආර්ථිකයට එක් කිරීමත් රජයේ අරමුණයි. එම වර්ධනයේ ප්‍රතිලාභ සංචාරක කර්මාන්තය ආශ්‍රිත ස්වයං රැකියාවේ යෙදෙන්නන්ගේ සිට මහා පරිමාණ ව්‍යාපාරිකයා දක්වා විහිද යා යුතුය. ජනතා සහභාගීත්වය සහිත පරිිසර හිතවාදී හා සංස්කෘතික හිතකාමී සංචාරක කර්මාන්තයක් ගොඩගැනීමේ රජයේ අපේක්ෂාව ඉටුකිරීම සඳහා මෙම යටිතල සංවර්ධන ව්‍යාපෘතිය සැලසුම් කල බවද ඇමතිවරයා කියයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් බිඳවැටුණු සංචාරක කර්මාන්තය පැවැති තත්වයට වඩා ඉහළ තත්වයට ගෙන ඒම සඳහා රජය සංචාරක ප්‍රවර්ධන වැඩ සැලැස්මක් ද සකස් කර ඇතැයි පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා කොවිඩ් එන්නත්කරණය ලොවපුරා සිදුකිරීමත් සමග ලෝකයේ සංචාරක කර්මාන්තය යථා තත්වයට පත්වනු ඇතැයි විශ්වාස කරන බවද කියයි.ඒ අනුව මෙරට සංචාරක ව්‍යාපාරයද යථා තත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඒ සඳහා පූර්ව සූදානමක් ලෙස මෙම  සංචාරක කලාප යටිතල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවත් හෙතම කියා සිටියි.

No comments

Ads Place