Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොටියෙකු මරා මස් විකුණයි..

  මන්දක් අටවා කොටියෙකු අල්ලා ඝාතනය කර මස් කර අලෙවි කල සැකකරුවන් තිදෙනෙකු නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් විසින් (27) දින සැකපිට අත්අඩං...

 


මන්දක් අටවා කොටියෙකු අල්ලා ඝාතනය කර මස් කර අලෙවි කල සැකකරුවන් තිදෙනෙකු නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් විසින් (27) දින සැකපිට අත්අඩංගුවට ගෙන (28) දින නුවරඑලිය වලපනේ මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත් ඊ.ආර්.එස්.ජිනදාස මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එක් සැකකරුවෙකුට රු ලක්ෂයක පුද්ගලික ශරිර ඇප මත සැකකරුවන් තිදෙනා මුදා හැර යලිත් මෙම නඩුව 2021.09.07 දින කැදවිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කලහ.

මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ වලපනේ මුර්ඔය වතු යායේ පදිංචි සුප්පන් ඉලංගොවන් (46) ,රාමසාමි මුත්තයියා කමලදාසන් (33) , මරදවිරන් ශ්‍රිදරන් (28) යන සැකකරුවන් තිදෙනාය.

සැකකරුවන් තිදෙනා (23) දින වලපනේ මුර්ඔය තේ වත්තේ මන්දක් අටවා තේ වත්තේ සැරිසරන අවු 04 පමණ වයසැති හොදින් වැඩුණු පිරිමි කොටියෙකු අල්ලා ඝාතනය කර මස් කර අලෙවි කර ඝාතනය කරන ලද කොටියාගේ ඡායාරුපයක් එක් සැකකරුවෙකු විසින් එම වතු යායේ ඔහුගේ මිතුරෙකුට වට්ස්ඇප් මගින් යොමු කර තිබියදි එම ඡායාරුපයක් තමන් වෙත ලැබුණු බවයි නල්ලතන්නිය වනජිවි කාර්යාල‍යේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ.

එම ඡායාරුපය අනුව සමනල අඩවි ආරක්ෂක ඩි.පි.සෙයාසිංහ මහතාගේ උපදෙස් පරිදි වලපනේ ප්‍රදේශයට ගොස් සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට විමර්ෂණයක් ආරම්භ කිරිමෙන් පසු කොටියා ඝතනය කල ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු සහ ඝාතනය කරන ලද කොටියාගේ දත් ගලවා ළග තබාගත් සැකකරුවෙකුද (27) දින අත්අඩංගුවට ගැනිමට හැකි වු බවයි ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනොගෙන් ප්‍රශ්න කිරිමේදි ඝාතනය කල කොටියාගේ සම සැකකරු භාරයේ තිබු එම වතු යායේ නිවසක වේලිමට දමා තිබියදි සොයාගත් බවත්,ඝාතනය කල කොටියාගෙන් ගලවා ගත් දත් කිහිපයක් සහ සම තමන් භාරයට ගෙන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල බවද ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

lankacnews

No comments

Ads Place