Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චීනයේ න්‍යෂ්ටික බලගාරයක් පිළිබද අනතුරැ ඇගවීමක්

හොංකොංවලට නුදුරැ චීනයේ ගුවන්⁣ඩොන්ග් ප්‍රාන්තයේ පිහිටි තියයිශාන් නම් න්‍යෂ්ටික බලාගාරයේ අනතුරැදායක තත්වයක් නිර්මාණය වී ඇතැයි අනතුරැ ඇගවීමක් ස...



හොංකොංවලට නුදුරැ චීනයේ ගුවන්⁣ඩොන්ග් ප්‍රාන්තයේ පිහිටි තියයිශාන් නම් න්‍යෂ්ටික බලාගාරයේ අනතුරැදායක තත්වයක් නිර්මාණය වී ඇතැයි අනතුරැ ඇගවීමක් සිදුකර තිබේ.


බලාගාරයේ කොටසක අසාමාන්‍ය ගෑස් ඒකරාශීවීමක්  පවතින බවත් එය භයානක අනතුරක් බවට පරිවර්තනය විය හැකි බවටත් ඇමරිකානු බුද්ධි අංශ මගින් අනතුරැ අගවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


මේ අතර මෙම බලගාරයේ සියයට තිහක පමණ කොටස් හිමි ප්‍රංශ සමාගමද මේ ගැටලුව පිළිබදව  සාකච්ඡා කිරීමට හදිසි රැස්වීමක් කැදවන්නැයි චීන බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.


කෙසේවෙතත් බලාගාරයේ බහුතර කොටස් හිමි චීන සමාගම සදහන් කර ඇත්තේ සියල්ල හොදින් ක්‍රියාත්මක වන බවයි.


මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ කඩිනම් ක්‍රියාමාර්ග අනුගමනය කිරීම තුළින් හානි වළක්වා ගැනීමට පුලුල් අවකාශයක්  ඇති බවට ජාත්‍යන්තර විශේෂඥයන් අදහස්  පළකොට ඇති බවයි.

No comments

Ads Place