Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පල් හොරු

  ගෑස් මිල රුපියල් තුන්සීයකින් වැඩිවන බවක් දැනගන්නට ඇත. එහෙත් ඇත්තම කතාව නම් ගෑස් මිල, සිලින්ඩරය රුපියල් හත්සීයකින් ඉහළ නංවන ලෙස ප‍්‍රධාන ගෑ...

 ගෑස් මිල රුපියල් තුන්සීයකින් වැඩිවන බවක් දැනගන්නට ඇත. එහෙත් ඇත්තම කතාව නම් ගෑස් මිල, සිලින්ඩරය රුපියල් හත්සීයකින් ඉහළ නංවන ලෙස ප‍්‍රධාන ගෑස් කොම්පැනිකාරයන් දෙදෙනා ආණ්ඩුවෙන් ඉල්ලූ බවකි. කිරි පිටි මිල ද ළඟදීම කිලෝවකට රුපියල් තුන්සිය පනහක් වැඩිවනු ඇති. තෙල් මිල දැනටමත් නැග තිබේ. පෙට‍්‍රල් මිල ලීටරයක් රුපියල් විස්සකින් වැඩිවුණා කියන්නේ ලේසි කෙළියක් නොවේ. ඞීසල් ලීටරයකට රුපියල් හතක් වැඩිවීම මළකෙලියකි. අපේ රටේ සාමාන්‍ය වෙළෙඳුන්ගේ බඩු මිල වැඩි කිරීමේ සූත‍්‍රය ඉතාම සුවිශේෂය.

ඒ අනුව තම ඞීසල් වාහනවල ප‍්‍රවාහනය කරන සියලූ වෙළෙඳ ද්‍රව්‍යයවල ඒකක මිල, ඞීසල් ලීටරයක් වැඩිවූ මිලෙන්, එනම් රුපියල් හතකින් වැඩි කිරීමට ඔවුහු කැමැත්තාහ. සූත‍්‍රය එය නම් ඉදිරි දිනවලදී මෙතෙක් දෙසිය හතළිහට දුන් බෝංචි කිලෝව රුපියල් දෙසිය හතළිස් හතක් වනු ඇති. රුපියල් විස්සට දුන් කරපිංචා මිටිය රුපියල් විසි හතට දුන්නොත් පුදුම නොවන්න. ලංකාවේ මිල න්‍යායයේ හැටියට ගෑස් සිලින්ඩරයක මිල රුපියල් තුන්සියයකින් වැඩි වුණොත් වෙළෙන්දාගේ තෝරා ගැනීම වන්නේ එතෙක් රුපියල් විසි පහට දුන් ප්ලේන් ටී එක රුපියල් තුන්සිය විසිපහ දක්වා මිල වැඩි කිරීමය. ලංකාවේ හැම මඟුලකටම පාලන මිලක් තිබේ. එහෙත් එය කිසි කලෙකත් ක‍්‍රියාත්මක වන්නේ නැත. ආණ්ඩුව පසුගිය දිනවල විස පොල් තෙල් සහ විස පාම් ඔයිල් අල්ලාගෙන මාර නැටුමක් නැටුවේය. අන්තිමේදී සිදුවූයේ කුමක්ද ?

එතෙක් රුපියල් තුන්සීයට තිබූ පොල් තෙල් බෝතලය රුපියල් හයසිය පනහක් වීමය. රුපියල් හාරසිය පනස්පහට තිබූ එළවළු තෙල් ලීටරය රුපියල් හත්සිය පනහක් විය. ඇතැම් තැන්වල එය රුපියල් නවසීයකි. බල්ක් එකක් හෙවත් ලීටර් පහේ හෝ දහයේ කෑන් එකක් ගන්නා විට ලීටරයක මිල රුපියල් අටසීය දක්වා අඩුවන අවස්ථා තිබේ. පසුගිය සතියේදී අපි සරත් වීරසේකර සහ පියුමි හංසමාලි නමැති ස්ත‍්‍රිය අල්ලාගෙන නැටුවෙමු. මේ සතියේත් අපට නටන්නට කාරණයක් තිබේ. ඒ වැඩි වූ තෙල් මිලද? කිසිසේත්ම නැත.

මේ සතියේ අප දකින නාඩගම පොහොට්ටු ලේකම් සාගර කාරියවසම් නමැති අය සහ පිවිතුරු හෙළ උරුමයේ විසිතුරු නායක උදය ගම්මන්පිල අතර හටගෙන තිබෙන ආරවුල ය. මේ අතර මන්ත‍්‍රීවරුන් සඳහා ඇනවුම් කළ බ‍්‍රෑන්ඞ් නිව් වාහන දෙතුන් සීයක් කොළඹ වරායට පැමිණෙනවා ඇත. ජේ. වී. පී. යේ මතය වන්නේ මේ වාහන වෙන්දේසි කර එම මුදල් රජයම විසින් ලබාගත යුතු බවය. මොන මෝඩ අදහසක් ද? ඇමරිකන් ඩොලර් දී ගෙනා අලූත් වාහන වෙන්දේසි කරන්නට සිදුවන්නේ මෙරට තුළය. එවිට ලැබෙන්නේ සිංහල රුපියල් ය. මේ රුපියල් වලින් කළ හැකි කිසිදු මඟුලක් නැත. අඩු ගණනේ වාහන ටික ඇමරිකාවට පටවා එම වටිනාකමට ෆයිසර් එන්නතවත් මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව තිබෙනවා නම් හිත හදා ගන්නට පුළුවන්.

හෙත් ඇමරිකාවද මේ දිනවල කොවිඞ් අර්බුදය නිසා ඉන්නේ වැලේ වැල් නැතුවය. එයට හොඳම උදාහරණය වන්නේ මීට සති කිහිපයකට පෙර ලෙබනනයේ පලස්තීන ගරිල්ලන් සහ ඊශ‍්‍රායලය අතර හටගත් දරුණු වෙඩි හුවමාරුවට ඇමරිකාව සම්බන්ධ නොවීමය. වෙනදා නම් කිසියම් රටක යුද්ධයක් පවතින විට ඇමරිකාවත් එහි ගොස් බෝම්බයක් දමා එයි. එහෙත් මේ මොහොතේදී එය සිදු නොවෙයි. ලංකාවේ කීර මිටියක ඊයේ මිල රුපියල් පනහකි. ඊට සාපේක්ෂව ගත් කල ඇමරිකාවේ බෝම්බ මිල ඉතා ඉහළය.

මේ රට පල් හොරුන් විසින් වටලන ලද රාජ්‍යයකි. මෙයට ඇති ආසන්නම උදාහරණය මෙසේය. සීනි කිලෝවක අද මිල තැනෙක එකසිය විස්සකි. තව තැනක එකසිය තිහකි. ගමේ කඬේදී නම් රුපියල් එකසිය පනහකි. මේ නිසා සීනි මිල රුපියල් අනූ අට දක්වා අඩු කිරීමටත් එම මිලට සතොසෙන් සීනි නිකුත් කිරීමටත් රජයට වුවමනා විය. මේ අනුව වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන සීනි ආනයනකරුවන් සමග සාකච්ඡුාවක් පැවැත්වීය. මේ සීනි ආනයනකරුවෝ පසුගිය මාස කිහිපය තුළ දී සීනි විකුණා රුපියල් බිලියන ගණනින් ලාභ ගත්තෝ වෙති. එයට හේතුව පසුගිය

කාලයේදී ආණ්ඩුව සීනි වෙළෙඳ බද්ද සියයට විසි පහකින් අඩු කිරීමය. ඒ බදු අඩු කිරීම නිසා සීනි තොග වෙළෙඳුන්ට එක සීනි කිලෝවක් සඳහා රුපියල් පනහක අමතර ලාභයක් අත්විය. සීනි ආනයනකරුවන් හමුවූ අවස්ථාවේදී ඔවුන් ඇමතූ බන්දුල ගුණවර්ධන රටේ පවතින දුෂ්කර තත්ත්වය සලකා සතොසෙන් රුපියල් අනූ අට ගණනේ ජනතාවට සීනි නිකුත් කරනු පිණිස එම මිලට සීනි ටොන් හාරදාහක් සීනි ආනයනකරුවන්ගෙන්

ඉල්ලා සිටියේය. එවිට ඔවුන් කියා සිටියේ රුපියලේ අගය වේගයෙන් පහළ බසින නිසා එවැනි උදව්වක් ආණ්ඩුවට කළ නොහැකි බවයි. සීනි බද්ද අඩු කිරීමෙන් තමන් බිලියන ගණනින් ආණ්ඩුව හරහා ලැබූ ලාභය අමතක කිරීමට ඔවුන්ට ගතවුණේ තත්පරයකි. මේ තමයි පල් හොරාගේ නියම ස්වභාවය. මෙබඳු හොරුන් අල්ලා එක්ස්ප‍්‍රස් පර්ල් නැව ගිලා බැස්ස තැනට අත්හැරිය යුතු බව කිසිවෙක් යෝජනා කළොත් අපි ඊට එකඟ නොවෙමු. මිනී මැරීම පව් වැඩකි

https://divaina.com/daily/index.php/kathuwakiya/59943-2021-06-13-16-25-67

No comments

Ads Place