Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලොරි රථයකට හමුදවෙන් වෙඩි…

  කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් වසමේ පුලියයම්පොක්කනෙයි, නාගේන්ද්‍රපුරම් ප්‍රදේශයේදී ඊයේ (21) දින අණ නොතකා ධාවනය කල නීතිවිරෝධීව වැලි පැටවූ ටිප...


 කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් වසමේ පුලියයම්පොක්කනෙයි, නාගේන්ද්‍රපුරම් ප්‍රදේශයේදී ඊයේ (21) දින අණ නොතකා ධාවනය කල නීතිවිරෝධීව වැලි පැටවූ ටිපර් රථයකට යුදහමුදාවෙන් වෙඩි තබා ඇති බවට ධර්මපුරම් පොලීසිය පවසයි.

නීතිරෝධී වැලි කැනීම් සහ ජාවාරම් පිළිබඳව තොරතුරු ලැබීමෙන් පසුව කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් සෙබලුන් පිරිසක් විසින් නාගෙන්ද්‍රපුරම් ප්‍රදේශයේදී යුදහමුදා මාර්ග බාධකයක් යොදා රැකවල් යොදා ඇත.

එම අවස්ථාවේදී නීතිවිරෝධී වැලි පැටවූ ටිපර් රථයක් පැමිණි අවස්ථාවේදී යුදහමුදා සෙබලුන් විසින් එය නැවත්වීමට ගත් උත්සහයකදී එහි සිටි යුදහමුදා සෙබලුන් අනතුරට ලක්කොට වැලි ජාවාරම් කරුවන් විසින් පලායාමට උත්සහ කිරීමේදී යුදහමුදා සෙබලුන් විසින් ආත්මාරක්ෂාවට ටිපර් රථයට හා රෝදවලට වෙඩිතබා ඇත.

එහිදී ටිපර් රථයේ රෝදවලට වෙඩි වැදීමෙන් මාරගයෙන් ඉවතට පැන අසල ගසක වැදි අනතුරට ලක් වී ඇති අතර ටිපර් රථයේ සිටි සැකකරුවන් දෙදෙනෙකු යුදහමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නාගේන්ද්‍රපුරම් ප්‍රදේශයේම පදිංචි කරුවන් වන අතර ඔවුන් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා ධර්මපුරම් පොලීසියට භාරදී ඇති අතර අද (22) දින සැකකරුවන් කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කරන බවටද පරික්ෂණ සිදුකරන ධර්මපුරම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

No comments

Ads Place