Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සුපිරි රථයකින් හෙරොයින් ඇද්ද යුවලක් අත්අඩංගුවට…

  සුපිරි ජීප් රථයකින් හෙරොයින් ග්‍රෑම් පහයි මිලිග්‍රෑම් හයසියයක් රැගෙන සංචරණ සීමා උල්ලංඝනය කරමින් අලුත්ගම නගරය හරහා යමින් සිටි අඹු සැමි යුවල...

 


සුපිරි ජීප් රථයකින් හෙරොයින් ග්‍රෑම් පහයි මිලිග්‍රෑම් හයසියයක් රැගෙන සංචරණ සීමා උල්ලංඝනය කරමින් අලුත්ගම නගරය හරහා යමින් සිටි අඹු සැමි යුවලක් , එම ජීප් රථය සමඟ සන්තකයේ තිබූ රුපියල් එක් ලක්ෂ තිස් පන්දාහක මුදලක්ද සමග අලුත්ගම නගරයේදී අත්අඩංගුවට ගත් බව අලූත්ගම ගාලූ පාරේ පිහිටි කළුතර දිසා අපරාධ ඒකකයේ උසස් නිළධාරියෙකු පැවසීය .

ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් සැකකාර අඹුසැමි යුවළ කරන්නාගොඩ ,නෑබොඩ වරකාගොඩ පදිංචි තිස් පස් හැවිරිදි එක්දරු මවුපියන් යුවළක් බව පොලිසිය කියයි .

මෙම සැකකරු දකුණු පළාතේ සිට එම සුපිරි වාහනය පදවා පැමිණ ඇත්තේ බෙන්තොට පාලම අසන්න දිස්ත්‍රික් මායිමේ ආරක්ෂක මුරපොළවල් ද සූක්ෂම ලෙස මගහැර බවත් හෙරොයින් තොගය කුඩා පැකට්400 ලෙස සකසා උදරයට තබා වෙළුම් පටි හා ප්ලාස්ටර් යොදා කිසියම් අසනීපයක තුවාලයක් සේ පෙනුණ ලෙස බව වැටලීම සිදුකළ පොලිස් නිලධාරීන් පැවසීය .

සැකකාර අඹුසැමි යුවළ මෙම මත්ද්‍රව්‍ය රැගෙන විත් තිබෙන්නේ මේ වන විට බන්ධනාගාර ගතව සිටින පාතාල ක්‍රියාකාරියකු වූ ජොසප් නැමැත්තාගේ ගෝලයෙකු ලෙස බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර යුවළගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම හමුවේ පොලිස් නිලධාරීන් අනාවරණය කරගෙන ඇත්තේ සැකකරුගේ මව ද හිටපු පොලිස් කාන්තා නිලධාරිනියක් බවයි .

No comments

Ads Place