Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හෙට දිනට පෙර ගැටළුවලට විසදුම් ලබානොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව හෙද සංගම් කියයි

  හෙද සේවාවේ පවතින ගැටළුවලට හෙට දිනයට පෙර විසදුම් ලබානොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සං...

 


හෙද සේවාවේ පවතින ගැටළුවලට හෙට දිනයට පෙර විසදුම් ලබානොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමය පෙන්වා දෙන්නේ හෙද සේවාවට බලපාන සේවා ගැටළු සහ ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග දිගින් දිගටම සාකච්ඡා කළද ඊට මෙතෙක් සාර්ථක විසදුමක් ලැබී නොමැති බවයි.


හෙද සේවයට අදාළ ඉල්ලීම් 8 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති බවත්, හෙට දිනයට පෙර ඊට සාධාරණ විසදුමක් නොලැබුණහොත් නැවත නොදන්වා දිවයිනපුරා වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.

nethnews

No comments

Ads Place