Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එන්නත් පලමු මාත‍්‍රාව ගත් අයට දෙවන මාත‍්‍රාව දෙන තැන නාමල් කියයි…

පළමු මාත්‍රාව ලබාගත් අයට ඔවුන් ලබාගත යුතු දෙවන මාත්‍රාව සඳහා නියමිත දිනය දැනුවත් කරමින් පළමු මාත්‍රාව ලබා දුන් ස්ථානයේදීම දෙවන මාත්‍රාවත් ලබ...

පළමු මාත්‍රාව ලබාගත් අයට ඔවුන් ලබාගත යුතු දෙවන මාත්‍රාව සඳහා නියමිත දිනය දැනුවත් කරමින් පළමු මාත්‍රාව ලබා දුන් ස්ථානයේදීම දෙවන මාත්‍රාවත් ලබා දීමට කටයුතු කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය. මහනුවර, කුණ්ඩසාලේ බණ්ඩාරනායක විදුහලේ පිහිටුවා ඇති එන්නත්කරණ මධ්‍යස්ථානය නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය. රට පුරා සිදුවන එන්නත්කරණ වැඩසටහන් නිරීක්ෂණය කිරීමේ යෙදෙන තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද දිනයේ මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහන් නිරීක්ෂණ කරමින් එහි කටයුතු සොයා බැලුවේය. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය. එන්නත් පත්‍රිකාව අත්සන් කරන අවස්ථාවේදී ජනතාව ඒ ගැන දැනුවත් කිරීම ඉතාම වැදගත්. ඒ වගේම එන්නත්කරණය සිදුවන සෞඛ්‍ය බල ප්‍රදේශය, තීරණය කරන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින්. මහජනතාවට අවශ්‍යවන එන්නත් ආණ්ඩුව වගකීමෙන් යුතුව මෙරටට ගෙනවිත් දෙනවා. ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කර ගනිමින් ජාත්‍යන්තර සබඳතා ඔස්සේ එම එන්නත් මෙරටට ගෙනවිත් දුන් පසුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිසි ක්‍රමවේදයකට අනුව ඒවා ජනතාවට ලබාදෙනවා. අද අපි කරන්නේ එම එන්නත් ජනතාවට ලබාදීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරදීමයි. ජනතාව ඔවුන්ට ලබා දී තිබෙන වේලාවට පැමිණ ජාතික හැදුනුම්පත ඉදිරිපත් කර එන්නත ගබාගැනීමට හැකි වැඩ පිළිවෙලක් අපි සකස් කරලා තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අදාළ එන්නත් පෝරමය නිවැරදිව පුරවාගෙන එන්නත පිළිබඳව ජනතාව නිවැරදි ලෙස දැනුවත් කරනවා. ජනතාවට මෙම එන්නත් සම්බන්ධ ගැටලු තිබෙනවා නම් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඒ අවස්ථාවේ දීම ඒ ගැන ප්‍රශ්න කිරීමේ හැකියාව තිබෙනවා. මෙම පෝරමය භාෂා තුනෙන්ම මුද්‍රණය කරලා තියෙනවා. භාෂා තුනම දැනුම්වත් නිලධාරින් එහි සිටිනවා. ඔවුන් සමග කතා කර ගැටලු ඇත්නම් ඒවා නිරාකරණය කරගැනීමෙන් අනතුරුව අදාල පෝරමය අත්සන් කර එන්නත ලබාගැනීමේ හැකියාව ඔබට තිබෙනවා. මේ වන විට දළ වශයෙන් නිවැරදි කිරීම්වලට යටත්ව ලක්ෂ 19 වැඩි ප්‍රමාණයක් පළමු හා දෙවන මාත්‍රාව ලබාගෙන තිබෙනවා. එය වයස අවුරුදු 30 ට වැඩි ජනතාවගෙන් ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 17% ක ප්‍රමාණයක්. කඩිනමින් තවත් ලක්ෂ 30 කට මෙම එන්නත් මාත්‍රාව ලබා දෙන්න අපි කටයුතු කරනවා. ලබන සතියේ එන්නත් ලක්ෂ 15 ක් ලැබෙයි කියලා විශ්වාස කරනවා. මේ අනුව ලෝකයේ එන්නත්කරණ වැඩසටහන් ගත්තාම අපේ රටේ ඉතාමත් සාර්ථකව මෙම කටයුත්ත සිදු වෙනවා කියලා කියන්න පුලුවන්. ජනතාව අපේ ආණ්ඩුව පත් කරගත්තේ පැහැදිලි බලාපොරොත්තුවක් ඇතිව.ඒ අනුව අපි ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩ කටයුතු සොයා බලනවා. ජනතාවගේ මුදල් වියදම් කර ආණ්ඩුවෙන් ගෙන්වන මේ එන්නත් කලබලයකින් තොරව නිසි ක්‍රමවේදයකට ජනතාව වෙත ලබා දිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයන්ට සහ සංචරණ සීමාවලට යටත්ව අපි එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත ගොස් ජනතාව වෙනුවෙන් එම ක්‍රියාවලිය පිළිබදව සොයා බලනවා. පළමු මාත්‍රාව ලබාගත් අයට ඔවුන් ලබාගත යුතු දෙවන මාත්‍රාව සඳහා නියමිත දිනය ඔවුන් වෙත දැනුවත් කිරීමෙන් අනතුරුව පළමු මාත්‍රාව ලබා ගත් ස්ථානයේදීම දෙවන මාත්‍රාව ලබා ගැනීමට අවශ්‍ය වැඩ කටයුතු සිදු කරගෙන යන බවත් එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන්වන අනුරාධ ජයරත්න, දිලුම් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහත්වරු ඇතුළු සෞඛ්‍ය බලධාරීහු පිරිසක් සහභාගී වූහ. මාධ්‍ය ඒකකය තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය

No comments

Ads Place