Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අධික වේගයෙන් යතුරුපැදියේ ගිය පොලිස් නිලධාරියා ඇලකට වැටී මියයයි…

  කිලිනොච්චිය පොලිස් වසමේ පුනරීන්, කරඩිබෝක්කු මන්සන්ධියේදී සිදු වූ රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු මිය ගොස් ඇති බවට පොලීසිය පවසයි. අදාල පොල...

 


කිලිනොච්චිය පොලිස් වසමේ පුනරීන්, කරඩිබෝක්කු මන්සන්ධියේදී සිදු වූ රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු මිය ගොස් ඇති බවට පොලීසිය පවසයි.

අදාල පොලිස් නිලධාරියා රාජකාරි නිමකොට ගමන්කරමින් සිටියදී යතුරුපැදියේ වේගය පාලනය කරගැනීමට නොහැකිව යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන විදුලිකනුවක ගැටී අසල වතුර ඇලකට පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය අනාවරනය කොට ගෙන ඇත.

අනතුරින් පොලිස් නිලධාරීයා බරපතල තුවාල ලබා කිලිනොච්චිය මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ යාපනය පොලීසියේ සේවයේ නිරත අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40 ක් වයසැති කුමාරසිංහ නැමති කොස්තාපල් වරයෙකි.

මිය ගිය පොලිස් කොස්තාපල්වරයාගේ මළ සිරුර මේ වන විට කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති බවටද පරික්ෂණ සිදුකරන කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

lankacnews

No comments

Ads Place