Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කාන්තාවකගේ රූ සපුව ඇය සතු වටිනාම ආභරණයකි.

තම රූ සපුවේ සුන්දරත්වය මනාව පවත්වා ගැනීමට හැම කාන්තාවක්ම ඉතාම උනන්දුවක් දක්වයි. එදිනෙදා කටයුතුවලදී කාන්තාව කාර්යබහුල වීම සහ අවිවේකීය වීම තුළ...


තම රූ සපුවේ සුන්දරත්වය මනාව පවත්වා ගැනීමට හැම කාන්තාවක්ම ඉතාම උනන්දුවක් දක්වයි. එදිනෙදා කටයුතුවලදී කාන්තාව කාර්යබහුල වීම සහ අවිවේකීය වීම තුළ බොහෝ අවස්ථාවන් වලදී රූ සපුව මනාව පවත්වාගෙන යාමට මඟ හැරෙන අවස්ථා බොහොමයකි.

එවන් අවස්ථාවල අපට ගෙදරදීම ස්වාභාවික සත්කාර පහසුවෙන්ම කර ගැනීමට හැකියාව ඇත.

මේ, කාන්තාවට ඇය සතු සුන්දරත්වය වර්ධනය කර ගැනීමට සහ අතුරු ආබාධ නොමැතිව නිවසේදීම සිදු කළ හැකි ස්වභාවික සත්කාර කිහිපයකි.

ඇස්වටා ඇති අවපැහැය මඟහරවා ගැනීමට

ගොඩක් කාන්තාවන්ට ඇති ප්‍රශ්නයක් විදියට අපිට මෙය හඳුනාගන්න පුළුවන්. බොහෝ විට පවතින කාර්යබහුලත්වය, වෙහෙසීම, රෝග කාරකයන් වැනි හේතු මත ඇස්යට කළුවීම වැනි තත්ත්ව හට ගැනීමට වැඩි ඉඩකඩක් පවතී.

පිපිඤ්ඤා පෙති සත්කාරය

වෘත්තාකාරව කපාගත් පිපිඤ්ඤා පෙති දෑස මත තබා ගැනීම මේ සඳහා ගත හැකි කදිම විසඳුමකි. එළකිරි කෝපයක පිපිඤ්ඤා පෙති පොඟවා පැයක් පමණ තබා දෑස් මත තබා ගැනීමෙන් ද වෙහෙසකර දෑස් මතට සිසිලසක් මෙන්ම ඇස් වටා අවපැහැ ගැන්වීම්වලට ද දිව්‍ය ඔසුවකි.

කෝමාරිකා සත්කාරය

සමට තෙතමනයක් ලබා ගැනීමට මෙන්ම දෑස් වටා ඇති අවපැහැ ගැන්වීම අවම කරගත හැකි, පහසුවෙන්ම නිවසේදී භාවිතා කළ හැකි ඔසුවකි. එහිදී පිරිසුදු කෝමාරිකා කැබැල්ලක් ගෙන එහි මැද කොටස වෙන්කර එයට දෙහි බින්දු කිහිපයක්ද එක් කොට දෑස් වටා සුමුදුව ආලේප කළ හැකිය.

සමේ පැහැපත් බව පවත්වා ගැනීමට රෝස වට්ටෝරුව

කාන්තාවකගෙ සම මෘදුව පවත්වාගෙන යාමට නිවසේදීම සකසා ගත හැකි ස්වභාවික ඖෂධයකි. නිවසේ සෑදෙන රතු රෝස මල් කිහිපයක් ගෙන එහි පෙති වතුර වීදුරුවකට දමා එම වීදුරුව හොඳට වසා තියන්න. පසුවදා එම වතුර එක ගෙන හොඳින් මුහුණ සහ බෙල්ල වටා සෝදාගන්න. සතියකට දෙවරක් හෝ තෙවරක් මේ සිදු කිරීමෙන් ඔබට දිදුලන පැහැපත් සමක් හිමිකරගත හැකිය.

මී පැණි සත්කාරය

මී පැණි බින්දු කිහිපයක් යෝගට් එකකට එක් කිරීමෙන් අනතුරුව හොඳින් කලවම් කරගන්න. ඉන් පසුව මුහුණ , බෙල්ලෙ අවට හොඳින් ආලේප කරගන්න. විශේෂයෙන්ම මැරුණු සෛල ප්‍රාණවත් කිරීමට මීපැණි වටිනාම ඖෂධයක් වේ. ඒ වගේම මී පැණි සමග අමු කහ මිශ්‍ර කර මුහුණේ ආලේප කර ගැනීමෙන් ද සමේ පැහැපත් බව වර්ධනය කර ගැනීමට මෙන්ම දිදුලන සමක් හිමිකර ගත හැකිය.

tharunee

No comments

Ads Place