Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගත් පිරිස ලක්ෂ පහ පනී

මෙරට තවත් පුද්ගලයින් 30,966 දෙනෙකුට ඊයේ දිනයේදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව සහ පුද්ගලයින් 37,812 දෙනෙකුට එම එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ දිනය...


මෙරට තවත් පුද්ගලයින් 30,966 දෙනෙකුට ඊයේ දිනයේදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව සහ පුද්ගලයින් 37,812 දෙනෙකුට එම එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ දිනයේදී ලබා දී තිබෙනවා.


ඒ අනුව ඊයේ දිනය වන විට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව පහළොස් ලක්ෂ 96,487 ක්.


එම එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී ඇති මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව පන් ලක්ෂ 51,007 ක් වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ.


ඊයේ දිනයේදී කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව මෙරට පුද්ගලයින් 1,141 දෙනෙකුට ලබා දී තිබෙනවා. ඒ අනුව ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව තුන් ලක්ෂ 74,040 ක්.


එම එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් නව ලක්ෂ 25,242 දෙදෙනෙකුට ලබා දී තිබෙනවා.


ඒ අනුව මේ දක්වා කාලය තුළ කුමන හෝ කොවිඩ් මර්දන එන්නතක පළමු මාත්‍රාව ලබාගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව විසිහය ලක්ෂ 36,524 ක් වනවා.


කුමන හෝ කොවිඩ් මර්දන එන්නතක දෙවන මාත්‍රාව ලබාගෙන ඇති මෙරට පුද්ගලයින් ගණන නව ලක්ෂ 39,472 ක් වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කළේ.

nethnews

No comments

Ads Place