Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කාබනික උක් වගාව සාර්ථකයි.. වස විස නැති පොහොර සෙවනගලෙන් රටටම එයි..

  ලංකා සීනි සමාගමේ සෙවනගල සීනි කර්මාන්තායතනය මගින් පසුගිය වසරේදී ආරම්බ කරන ලද පර්යේෂනයක ප්‍රතිපල මේ වන විට ලැබෙමින් පවතී. ඒ ඔවුන් විසින් අත්...


 ලංකා සීනි සමාගමේ සෙවනගල සීනි කර්මාන්තායතනය මගින් පසුගිය වසරේදී ආරම්බ කරන ලද පර්යේෂනයක ප්‍රතිපල මේ වන විට ලැබෙමින් පවතී. ඒ ඔවුන් විසින් අත් හදා බලා ඇත්තේ උක් වගාවන් කිසිදු පොහොරක් භාවිතා නොකරමින් නියමිත සීනි සාන්ද්‍රණය ඇතිව සරුවට වගා කල හැකි බවයි.

ඒ අනුව ගිය වසරේදී සෙවනගල සීනි කර්මාන්තායතනය මගින් කෘතීම පොහොර,යොදා වගා භූමියක්, ‍කෘතීම පොහොර සහ කාබනික පොහොර යොදා, කාබනික පොහොර පමනක් යොදා සහ කිසිදු පොහොරක් භාවිතා නොකරමින් වගාවන් සිදු කර ඇත.

එහි ප්‍රතිපලයක් වශයෙන් කිසිදු පොහොරක් භාවිතා නොකරන ලද උක් භූමිය කෘතීම පොහොර යොදා සකස් කරන ලද උක් වගාවන් අතර දැකිය හැකි විශාල වෙනසක් තිබුනේ නැත. කාබනික පො‍හොර යොදා වගාකල උක් වගාවේද පැවතීයේ සාමාන්‍ය කෘතීම පොහොර යොදා සකස් කරන ලද වගාවේ පැවැති සීනි සාන්ද්‍රණයට සමාන සාන්ද්‍රණයකි.

මෙම අවස්ථාව නිරීක්ෂණය සදහා විෂය භාර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුමුර මහතා, ලංකා සීනි සමාගමේ සභාපති ජනක නිමලචන්ද්‍ර මහතා, විධායක අධ්‍යක්ෂ ගාමිනී රාසපුත්‍ර සහ කෘෂිකර්ම නිළධාරීන් සහභාගී විය.

විෂයභාර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුමුර මහතා.

මීට වසරකට කලින් සෙවනගල ඒකකය මේ ක්‍රියාදාමයට යොමු වීම සම්බන්ධයෙන් මම සතුටු වෙනවා. මේ වගාවන් ක්‍රම හතරකට වගා කරල තියෙනවා, පොහොර භාවිතා කරමින්, කෘතිම පොහොර සහ කාබනික පොහොර, කාබනික පමණක් සහ කිසිදු පොහොරක් නොමැතිව, පොහොර කිසිවක් යොදන්නේ නැතිව සිදු කල වගාවන් තුලත් සීනි සාන්ද්‍රණයේ කිසිදු වෙනසක් වෙලා නැහැ. ඒ නිසා අපිට මේ රටේ ජනතාවට වස විසෙන් තොර සීනි ලබාදෙන්න පුලුවන් වෙනවා.පිටරටින් ගේන ඒවට මේ ඔක්කොම රසායනික පොහොර භාවිතා කරල තමයි සීනි හදන්නේ. ලංකා සීනි සමාගමෙන් හදන සීනි මේ රටේ ජනතාව පමණයි පරිභෝජනය කරන්නේ.

ලංකා සීනි සමාගමේ විධායක අධ්‍යක්ෂ ගාමිනී රාසපුත්‍ර මහතා,

තෝරාගත් භූමියක අපි මීට වසරකට පෙර පරික්ෂණ කටයුතු ආරම්බ කලා.අපි දැන් අස්වැන්න නෙලන්නයි හදන්නේ. අපි කෘතිම පොහොර යොදපු වගාවත්, කෘතීම පොහොර සියයට පනහක් යොදපු සහ අපි ඉවත් කරන ලද කොම්පෝස් පොහොර යොදා සකස් කරන ලද වගාවත්, දියර පොහොර වර්ගයක් අපිට හදුන්වා දුන්නා දියර පොහොර වගාකරල වගාකල භූමියත් කිසිම පොහොරක් යොදන්නේ නැතිව වගාකල වගා බූමියේත් අස්වැන්න නෙලීම දැන් සිදුවෙනවා.

වර්තමානයේ කාබනික පොහොර පිළිබදව කතිකාවතක් ඇතිවී තිබෙන මොහොතක මේ පර්යේෂනය අමාත්‍යවරයා සියසින් දැකගත්තා. අපිට ලොකු අභියෝගයක් තිබුනා කෘතීම පොහොර නතරකිරීමෙන් ලොකු කඩා වැටීමක් ඇතිවෙයි කියල. නමුත් මේ පර්යේෂණය අනුව අපිට පෙනී ගොස් තිබෙනවා මේ ඉහතින් සදහන් කල වර්ග හතරටම අයත් වගා බූමිවල වගාවේ පැහැදිලි වෙනස්කමක් අපි දැක්කේ නැහැ. ඒ අස්වැන්නේ එක සමාන බවක් තමයි අපිට පෙන්නුම් කරල තිබුනේ.

සියයට සියයක් රසායනික පොහොර භාවිතා කරපු භූමියත් සියයට පනහ පනහ කාබනික හා රසායනික පොහොර භාවිතා කරපු භූමියත් දියර පොහොර හා පොහොර යොදන්නේ නැතිව වගා කල උක් වගා භූමිවල අස්වැන්නේ පැහැදිලි වෙනසක් අපි දැක්කේ නැහැ.

ඒ නිසා ජනාධිපතිතුමා රටට හදුන්වා දෙන  කෘතිම පොහොර භාවිතයෙන් තොර කෘෂිකර්මාන්තයක් කියන තේමා පාඨය යටතේ රටේ උක් වගාව  අපි දැනට සෙවන ගල හා පැල්වත්ත අක්කර 35000 තිස්පන්දහසක උක් වගා කරනව. අපි ඒ අභියෝගය ජයගන්න අපේ කෘෂිකර්ම නිලධාරීන් සමග එක්වෙමින් සාර්ථක අස්වැන්නක් ලබා ගැනීම සදහා මේ වන විට අපි සංවිධානය වෙමින් පවතිනවා.

දැනට අපි මිලියන 250ක් වියදම් කරනවා ‍වසරක් සදහා මේ ආයතනයේ පොහොර භාවිතය සදහා. මේ වැඩසටහන යටතේ මේ කෝටි 25ම ඉතිරිවෙනවා අපේ ආයතනයට.

අපි ඒ මුදල් වියදම් කරල ඉතාමක් ඉක්මනින්  ලංකා සීන් සමාගමට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය සදහා පොහොර කර්මාන්ත ශාලාවක් ඉතාමකත් ඉක්මනින් ආරම්භ කරනවා. ඒ වැඩ මේ වන විටත් ආරම්භ කරලයි තියෙන්නේ.

No comments

Ads Place