Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සෙනග පටවාගෙන පලාත් සීමා පනින්න සැප බස් එයි..

  ගාල්ලේ සිට බලපත්‍ර කිසිවක් නොමැතිව සංචරණ නීති උල්ලංඝනය කරමින් අලුත්ගම බෙන්තොට දිස්ත්‍රික් මායිම හරහා සාමාන්‍ය මගින් විශාල පිරිසක් ක් පටවාග...

 


ගාල්ලේ සිට බලපත්‍ර කිසිවක් නොමැතිව සංචරණ නීති උල්ලංඝනය කරමින් අලුත්ගම බෙන්තොට දිස්ත්‍රික් මායිම හරහා සාමාන්‍ය මගින් විශාල පිරිසක් ක් පටවාගෙන අලුත්ගම තෙක් පැමිණි සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක් අද (28) අලුත්ගම පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලික බස් රථය ගාල්ලේ සිට අලුත්ගම ගාලු පාරේ බෙන්තොට පාලම ආසන්න මුරපල තෙක්ම කිසිදු බාධාවකින් තොරව ගමන් කර ඇති අතර විවිධ අවශ්‍යතා සඳහා කොළඹ දක්වා ගමන් කිරීමට පැමිණි සිටි මගින් න් තිස් දෙනෙකුට වැඩි පිරිසක් බස් රථය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඒ හි ගමන් කර තිබෙන අතර මගින් සියලු දෙනා අලුත් ගමට පිවිසෙන දිස්ත්‍රික් මායිමේ සිටී පොලිස් රථවාහන හා විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් බස්සවා පරික්ෂා කිරීමෙන් අනතුරුව පිටත් කර හැර තිබෙන බව පොලීසිය කියයි .

සංචරණ සීමා පණවා තිබියදී නීතිවිරෝධී ලෙස දිස්ත්‍රික් මා ඉම හරහා මගීන් පටවාගෙන ගමන් කිරීමට කටයුතු කළ බස් රථ රියදුරා නිරෝධායන පනත යටතේ අත්අඩංගුවට ගෙන කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අලුත්ගම පොලිසියේ රථවාහන නිලධාරීහු සඳහන් කළහ .

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දම්මික පියන්ත , කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන කපිල ප්‍රේමදාස , නිශාන් ද සිල්වා පොලිස් ස්ථානාධිපති අශෝක කරුණාරත්න යන මහත්වරුන් ගේ මෙහෙයවීමෙන් අළුත්ගම පොලිස් ස්ථානයේ රථවාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් චාමින්ද මහතා ඇතුළු රථවාහන අංශ නිලධාරීන් හා විශේෂ කාර්යය බලකා නිලධාරීන් නීති විරෝධීව ගාල්ලේ සිට අලුත්ගම තෙක් ගමන් ගත් පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ ය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

lankacnews

No comments

Ads Place