Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව යයි

  එළඹෙන එංගලන්ත තරඟ සංචාරය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. 24 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම අ...


 එළඹෙන එංගලන්ත තරඟ සංචාරය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

24 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම අද (08) අලුයම එංගලන්තය බලා පිටත්ව ගිය බව "අද දෙරණ" ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේය.

කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් සහ කුසල් මෙන්ඩිස්ගේ උප නායකත්වයෙන් යුත් 24 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ඊයේ නම් කරනු ලැබීය.

ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිශ්ශංක, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඕෂධ ප්‍රනාන්දු, චරිත අසලන්ක, දසුන් ශානක, වනිදු හසරංග, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, ධනංජය ලක්ෂාන්, ඉෂාන් ජයරත්න, දුෂ්මන්ත චමීර, ඉසුරු උදාන, අසිත ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, බිනුර ප්‍රනාන්දු, ශිරාන් ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම සංචිතයට නම් කර ඇති සෙසු ක්‍රීඩකයින් වේ.

ඒ අනුව එක්දින සහ 20/20 කණ්ඩායම් දෙකෙහිම නායකත්වය සඳහා කුසල් ජනිත් පෙරේරා නම්කර තිබිම විශේෂත්වයකි.

No comments

Ads Place