Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සංචරන මැද මන්ත‍්‍රී නිවසේ කසිප්පු පෙරයි..

  මාතර මාකාවිට ප්‍රදේශයේ තෙමහල් නිවසක් තුළ නීති විරෝධී ලෙස කසිප්පු පෙරමින් සිටි මාතර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයක...

 


මාතර මාකාවිට ප්‍රදේශයේ තෙමහල් නිවසක් තුළ නීති විරෝධී ලෙස කසිප්පු පෙරමින් සිටි මාතර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකු හා ඔහුගේ ගෝලයකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

සැකකාර මන්ත්‍රීවරයාගේ බිරිද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රජයේ රැකියාවක් සිදු කරන බව ද ඇය සමගි බලවේගයෙන් ප්‍රාදේශීය සභාවට පත් කළ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරන බවද කියති.

සම්පූර්ණයෙන් වැඩ නිම නොකල නිවසේ කාමරයක් තුළ ගෑස් ලිපක් යොදා කසිප්පු පෙරීම සිදු කර ඇති බව පොලීසිය කියයි.

සැකකාර හිටපු මන්ත්‍රීවරයා හා ඔහුගේ ගෝලයා සන්තකයේ තිබී ගෝඩා මිලි ලීටර් 20000 ක් ,කසිප්පු මිලි ලීටර් 4750ක් හා ඒවා පෙරීමට ගන්නා උපකරණපොලීසිය භාරයට ගෙන ඇත.

පොලීසිය වෙත ලැබුණු තොරතුරකටඅනුව මෙම වැටලීම සිදු කර තිබේ.

මාතර මාකාවිට පදිංචි 56 හැවිරිදි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා ගාල්ල තවලම පදිංචි 38 හැවිරිදි ඔහුගේ ගෝලයා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

lankacnews

No comments

Ads Place