Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මාධ්‍ය පාලනය කිරීමට යැයි කියමින් මර්දනකාරී අණ පනත් නීති රෙගුලාසි කෙටුම්පත් කරමින්..

  ජාතික අවදි සභාව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය හා සමාජ මාධ්‍ය මර්දනයට එරෙහිව පෙළගැසෙමු. මෑතක සිට ආණ්ඩුව විද්...

 


ජාතික අවදි සභාව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය හා සමාජ මාධ්‍ය මර්දනයට එරෙහිව පෙළගැසෙමු.

මෑතක සිට ආණ්ඩුව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය පාලනය කිරීමේ අරමුණින් යැයි පවසමින් විවිධ මර්දනකාරී අණ පනත් නීති රෙගුලාසි කෙටුම්පත් කරමින් ඇත. එම අණ පනත් ගෙන ඒමටත් ප්‍රථම ආණ්ඩුව සමාජ මාධ්‍යයට එරෙහිව මර්දනයේ හස්තය සහ බිය වැද්දීම ආරම්භ කොට ඇත.

ආණ්ඩුවට විරුද්ධව සමාජ මාධ්‍ය හා මුහුණුපොතේ අදහස් පළ කරන පුරවැසියන් ඉලක්ක කරගෙන නීතියේ පාලනයට යටත් කරනවායැයි පවසමින් අත්අඩංගුවට ගැනීම් ආරම්භ කර ඇත. ආණ්ඩුවේ අසමත් භාවයත් රටේ දැවෙන ප්‍රශ්න විසඳීමේ නොහැකියාවත් නිසා ඒවාට එරෙහිව කතා කරන හා අදහස් පළ කරන පුද්ගලයන් ඉලක්ක කරගනිමින් භාෂණයේ නිදහස, ජනමාධ්‍ය නිදහස ,පුද්ගල නිදහස යටපත් කරන්නට උත්සහ දරමින් ඇත. එමගින් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ නියමින් හෝ අනියමින් නැගෙන ආණ්ඩු විරෝධය මාධ්‍ය අවකාශය තුළ අවහිර කර දැමීමයි. අතීතයේදී ද ආණ්ඩු පිරිහෙද්දී හා ජනතා අප්‍රසාදය නැගෙද්දී පාලකයන් මෙවැනි ක්‍රියාමාර්ග අනුගමනය කර ඇත.

නමුත් එවැනි ක්‍රියාමාර්ග වලින් ජනමතය හෝ ජනතා විරෝධය යටපත් කළ නොහැක. එය මෑතකාලීන ඉතිහාසය තුළ ද එය ඔප්පු කර ඇත. ජනමාධ්‍යට හා සමාජ මාධ්‍යයට අවශ්‍ය වන්නේ ස්වයංවාරණයක් මිස රාජ්‍ය හෝ වෙනත් හස්තයකින් ක්‍රියාත්මක වන මර්දනකාරී බලපෑමක් නොවන බව අපි අවධාරණය කරමු.

මාධ්‍ය නිදහස, භාෂණයේ නිදහස, තොරතුරු දැන ගැනීමේ අයිතිය ඇතුළු නූතන මාධ්‍ය ගෝලයේ පුරවැසි අයිතිය වෙනුවෙන් අපි කොන්දේසි විරහිතව පෙනී සිටින අතර විවිධ ස්වරූපයෙන් මාධ්‍යයට එරෙහිව කෙරෙන සියලු ආකාරයේ තර්ජන ගර්ජන වාරණ සහ සීමාවන් වලට ද අපි විරුද්ධ වන්නෙමු. ආණ්ඩුවේ මෙම සමාජ මාධ්‍ය හා ජනමාධ්‍ය මර්දනය කිරීමේ වෑයමට එරෙහිව පෙළ ගැහෙන ලෙස නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන පුරවැසියන්ගෙන් අපි වැඩිදුරටත් ඉල්ලා සිටිමු .

නිශාන්ත ශ්‍රී වර්ණසිංහ
කැඳවුම්කරු
ජාතික අවදි සභාව

No comments

Ads Place