Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සෞඛ්‍ය ලොක්කන්ට වැඩ වැරදුණු එන්නත් වංචාව...

ගාල්ලේ සිදු වූ අයථා එන්නත්කරණය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකළ මූලික පරික්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස ගාල්ල ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා හා...

ගාල්ලේ සිදු වූ අයථා එන්නත්කරණය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකළ මූලික පරික්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස ගාල්ල ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා හා ප්‍රාදේශිය වසංගත රෝග අධ්‍යක්ෂවරයා වහාම එම තනතුරුවලින් ඉවත් කර ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

ඒ ඉකුත් 7 වැනිදා “අද දෙරණ“ උකුස්සා රට හමුවේ කළ අනාවරණයේ ප්‍රතිඵලයක් ලෙසය.

එහිදි අනාවරණ වුයේ සංචරණ සීමා පවා නොතකමින් කොළඹින් විශාල පිරිසක් පැමිණ කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගත් බවය.

උකුස්සාගේ එම අනාවරණය නිසා ඒ පිළිබඳ රට පුරා මතුවු දැඩි ආන්දෝලනයත් සමග පැය 24ක් ගතවෙන්නටත් පෙර ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තේය.

ඊයේ (08) පැවති මාධ්‍ය හමුවලදි මෙන්ම පාර්ලිමේන්තුවේදිද මෙම අයථා වැඩපිළිවෙල හා අද දෙරණ උකුස්සා අනාවරණ පිළිබඳ අදහස් පළ විය.

මේ අතර අද (09) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදීද මේ පිළිබඳ දැඩි ලෙස ප්‍රශ්න කෙරුණි.

මාධ්‍යවේදියා - අද දෙරණ උකුස්සා වැඩසටහනින් පෙන්නපු දේ ඔබ දකින්නට ඇති. කොහොමද ගාල්ල දිස්ත්‍රික්කයේ පළවෙනි වටයේ විදින්නේ නැතුව කොවිශීල්ඩ් එන්නත දෙවෙනි වටය විදින්නේ කොහොමද?

සෞඛ්‍ය අමාත්‍යාංශයේ, මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්,

“ඒ එන්නත් ඒ ප්‍රදේශයට යැව්වා සෞඛ්‍ය සේවකයින්ට සහ ඉදිරිපෙළ සේවකයින් සඳහා.“

මාධ්‍යවේදියා - දෙවෙනි වටයේ විදින්නද යැව්වේ පළවෙනි වටයේ විදින්නද යැව්වේ?

“දෙවෙනි වටයේ විදින්න“

මාධ්‍යවේදියා - අද දෙරණ උකුස්සා එකේ පැහැදිලිව කියනවා බස්නාහිර පළාතේ කට්ටිය එතනට ඇවිල්ලා බෙහෙත විඳගන්නවා පැහැදිලිව පෙන්නලා තියෙනවා.

“ඒ ගැන අපි දන්නවනේ.“

මාධ්‍යවේදියා - කොහොමද වෙන්නේ ඒක සංචරණ සීමා කඩාගෙන බිඳගෙන ගිහිල්ලා.

“අපි විමර්ශනයක් කරනවා.“

මාධ්‍යවේදියා - පැහැදිලිව අපි දකිනවා එතන ඉන්න අධ්‍යක්ෂවරයාගේ ඉදන් පස්සට ගත්තොත් ධූරාවළියේ ඔය කොළඹ ඔබතුමත් ඉන්නවනේ එතකොට. බස්නාහිර පළාතේ කට්ටියත් ගිහිල්ලා බෙහෙත ගහනවා. යම් යම් තැන්වලදී ඔබතුමාලගෙ කට්ටියගෙන්ම ඔප්පුවෙනවා සල්ලි වලට මේක ගහනවා කියලා. 

“වාර්තා වෙනවා. ඔප්පු වෙලා නැහැ.“

මාධ්‍යවේදියා - ගැටලුවේ යම් කොනක සෞඛ්‍ය බලධාරීන් ඉන්නවා කියලා. හිතුමතේ මේක වෙන්නේ නැහැනේ.

“එහෙම තීරණයකට එන්න ඔබට අයිතියක් තියෙනවා. නමුත් මේ පිළිබඳව විදිමත් විමර්ශනයෙන් පසුව ඇත්ත නැත්ත දැනගන්න පුළුවන්.“

මාධ්‍යවේදියා - පැහැදිලිව පිළින්නවද සෞඛ්‍ය අංශ වලින් යම් කිසි වැරැද්දක් වෙලා තියෙනවා කියලා. ඔය ගාල්ල සිදුවීම සම්බන්ධයෙන්. 

“වැරැද්දක් වෙලා කියලා මම පිළිගන්නේ නැහැ.“

මාධ්‍යෙව්දියා - පැහැදිලියිනේ ඩොක්ටර්. බස්නාහිර පළාතේ කට්ටිය ගිහිල්ලා එතන බෙහෙත විඳගන්නවා.

“පොදුවේ චෝදනා ඉදිරිපත් කරන එක යෝග්‍ය නැහැ.“

මාධ්‍යවේදියා - ඔය සිද්ධියටම සම්බන්ධයි දැන් පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ඉන්නවා. ගාල්ල අධ්‍යක්ෂ ඉන්නවා. එතුමන්ලා බැදිලා ඉන්නවා ඔබතුමන්ලත් සමඟ ලේකම්වරයාට මේ තොරතුරු පෙන්වාදීම සඳහා.මේ කටයුත්ත සිදුකෙරුනේ නැද්ද?

“සාධක තියෙනවානම් ඒ අනුව කටයුතු කරන්න.“

මාධ්‍යවේදියා - ඒ කියන්නේ දැනුම්දීමක් කරලා නැද්ද?

“එහෙම කරන්න විමර්ශනයෙන් කරුණු ලැබිලා නැහැනේ.“

No comments

Ads Place