Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නැවේ ගින්නෙන් වෙරල කිලෝමීටර 200ක් විනාශයි…

  MV X – Press Pearl නෞකාවේ සිද්ධියෙන් ඇති වූ බලපෑම අවම කිරීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය විසින් එක්සත් ජාතීන්ගේ සමුද්‍ර පරිසර විද...

 


MV X – Press Pearl නෞකාවේ සිද්ධියෙන් ඇති වූ බලපෑම අවම කිරීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය විසින් එක්සත් ජාතීන්ගේ සමුද්‍ර පරිසර විද්‍යා විශේෂඥයින්ගෙන් කඩිනමින් උපදෙස් ලබාගැනීමට පියවර ගැණින. මේ පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මැතිතුමාගේ ප‍්‍රදානත්වයෙන් පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.

එක්සත් ජාතීන්ගේ වෙරළ සංරක්ෂණය පිළිබඳ විශේෂඥයින් කණ්ඩායම ශ‍්‍රී ලංකාවට පැමිණෙනු ලබන්නේ නෞකාවේ සිද්ධිය හේතුවෙන් පැන නැගී ඇති පරිසර හා නීතිමය කටයුතු සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබඳව සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියට සහ මධ්‍යම පරිසර අධිකාරියට අවශ්‍ය උපදෙස් ලබාදීමට ය. මෙම සිද්ධියෙන් ශ‍්‍රී ලංකාවේ වෙරළබඩ තීරයේ කිලෝමීටර් 200 ක් පමණ දුරට හානි සිදුව ඇති අතර සංචාරකයින් අතර ජනප‍්‍රිය ප‍්‍රදේශයන්ට සහ ධීවර ප‍්‍රජාවගේ ජීවනෝපායටත් මෙම අවසනාවන්ත සිදුවීම නිසා බලපෑම් එල්ල වී ඇත.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ, රළ මත ලිස්සා යෑමට තෝතැන්නක් වූ මෙම වෙරළ තීරයෙහි එම ක‍්‍රීඩාව සහ හිරුඑළියට නිරාවරණය වීම සඳහා 2019 වසරේ පමණක් සංචාරකයින් මිලියන දෙකකට ආසන්න සංඛ්‍යාවක් දක්නට ලැබුණු බවත්, දූපත් රාජ්‍යයක් වශයෙන් ශ‍්‍රී ලංකාවේ කිලෝමීටර් 1,340 ක වෙරළ තීරය රටේ විශාලතම ස්වභාවික සම්පතක් වන අතර ශ‍්‍රී ලංකාවේ වෙරළ සුන්බුන්වලින් නිදහස් කිරීමට රජය සියලූ පියවර ගන්නා බවට මහජනතාවට සහතික වනබවයි. සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහාත් ආගන්තුක සත්කාර කර්මාන්තයටත් වෙරළ තීරය ඉතා වැදගත් වන බැවින් ශ‍්‍රී ලංකාවේ බලපෑමට ලක් වූ වෙරළ තීරය යථා තත්වයට පත් කිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ ති‍්‍රවිධ හමුදාව වෙහෙස මහන්සිව කටයුතු කරන අතර වෙරළ තීරය නිවාඩු ගත කරන්නන් සඳහා ආරක්ෂිත ගමනාන්තයක් බවට සහතික කිරීමට දේශීය සහ විදේශීය විශේෂඥයින් මෙන්ම ලොව පිළිගත් ජාත්‍යන්තර ආයතන සමග එක්ව කටයුතු කරන බවත් වැඩිදුරටත් සඳහන් කළේ ය. MV X – Press Pearl හිමිකරුවන් සහ නැව් රක්ෂණ ආයතනයෙන් මූලික වන්දි ලබාගැනීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් නඩු පැවරීම ආරම්භ කර ඇති බවත්, මෙම සිදුවීම නිසා ඇති වූ හානිය පූර්ණය කිරීමට සහ ජීවනෝපායන් කරෙහි බලපෑම් ඇතිකළ අයට වන්දි ගෙවීමට හිමිකම් පෑම භාවිතා කරන බව සහ සිද්ධිය හේතුවෙන් ධීවර කර්මාන්තයට එල්ල වූ දැඩි බලපෑමට වගකිව යුතු රජයක් වශයෙන් ඔවුනගේ අහිමි වූ ආදායම් වෙනුවෙන් සහන සැලසීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ශ‍්‍රී ලංකාවේ වයඹ සිට දකුණ වෙරළ තීරයේ කි.මි. 200 ක් දක්වා ප‍්‍රදේශයේ විසිර පැතිරව තිබූ සුන්බුන්, ප්ලාස්ටික් ඇතුලූ අපද්‍රව්‍ය ටොන් 1000කට අධික ප‍්‍රමාණයක් එකතුකර මාධ්‍යම පරිසර අධිකාරියේ අන්තරායක අපද්‍රව්‍ය බහාලූම් 44 ක ගබඩා කර ඇත.

එම අවස්ථාවට සහභාගී වූ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය පවසා සිටියේ වෙරළ පිරිසිදු කිරීම සඳහා ශ‍්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විසින් සපයන ලද විශිෂ්ට සේවයට ස්තූතිවන්ත වන බවත් කොවිඞ් වසංගතය හේතුවෙන් සංචරණ සීමා පනවා ඇති අවධියක සමුද්‍රීය සහ වනජීවින් පිළිබඳ උනන්දුවක් දක්වන අයගේ සහය ලබාගැනීමට නොහැකි අවස්ථාවක වෙරළ පිරිසිදු කිරීම සඳහා සහයෝගය දැක්වීමට ඉදිරිපත් වීම පිළිබඳව ජනාධිපතිතුමා, ආරක්ෂක ලේකම්තුමා සහ ත්‍රිවිධ හමුදාවේ අණ දෙන නිලධාරීන්හට විශේෂයෙන් ස්තූතිවන්ත වන බව වැඩිදුරටත් සඳහන් කළේ ය.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසූවේ සුන්බුන් බැහැර කිරීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් බලාපොරොත්තුවෙන් සිටින බවත් නෞකාවෙන් නිකූත්ව වෙරළ තීරයට එක්වූ අපද්‍රව්‍ය සහ සුන්බුන් ආරක්ෂිතව බැහැර කිරීමට අවශ්‍ය පහසුකම් සහ තාක්ෂණය පරිසර අධිකාරිය සතු බවයි.

කොළඹ වෙරළ තීරයේ ගින්න හටගත් එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ මව් සමාගම වන එක්ස්ප‍්‍රස් ෆීඩසර්ස්/සීකොන්සෝටියම් සමාගම වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 40 ක අතුරු හිමිකම් පෑමක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් 2021 මැයි 21 දින ඉදිරිපත් කර තිබේ.

No comments

Ads Place