Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මගුල් කෑ 20ක් දින 14 නිරෝධායනයට!

සෞඛ්‍ය නීති උල්ලංඝණය කරමින් පානදුර පල්ලිමුල්ල ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයක් පැවැත්වූ පුද්ගලයන් 20 දෙනකු දින 14ක කාලයක් නිරෝධායනය සඳහා යොමුකළ...


සෞඛ්‍ය නීති උල්ලංඝණය කරමින් පානදුර පල්ලිමුල්ල ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයක් පැවැත්වූ පුද්ගලයන් 20 දෙනකු දින 14ක කාලයක් නිරෝධායනය සඳහා යොමුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.


මොවුන්ගේ නිරෝධායන කාලය නිම වූ පසු නිරෝධායන නීතිය සහ දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ද හෙතෙම කීය .


සෞඛ්‍යය නීති උල්ලංඝණය කරමින් පල්ලිමුල්ල ප්‍රදේශයේ මංගල උත්සවයක් පැවැත්වෙන බවට ලද තොරතුරක් අනුව සෞඛ්‍ය බලධාරීන් සහ පොලීසිය එක්ව මෙම වැටලීම සිදුකර තිබුණි.


එහිදී මෙම මංගල උත්සවයට පැමිණි බොහෝ පිරිසක් ආපසු නිවෙස්වලට ගොස් ඇති අතර එහි සිටි පිරිමි පුද්ගලයන් 12 දෙනකු හා කාන්තාවක් 8 දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර තිබිණි .

noizetv

No comments

Ads Place