Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

දැවැන්ත අර්බුදයක්.. රට වැසීමෙන් ආර්ථිකය -16.7යි.. දිනක පාඩුව බිලියන 40ක්..- මුදල් රාජ්‍ය ඇමති හෙලි කරයි..

  තෙල් මිල ඉහළ දැම්මේ ඇයි? මීට වඩා අඩු මිලට තෙල් අලෙවි කළ නොහැකිද? මිල සූත්‍රය තිබුණා නම් මෙතරම් පීඩනයක් ඇති​ෙවන්නේ නැහැ නේද? බස් ගාස්තු ඇතු...

 


තෙල් මිල ඉහළ දැම්මේ ඇයි? මීට වඩා අඩු මිලට තෙල් අලෙවි කළ නොහැකිද? මිල සූත්‍රය තිබුණා නම් මෙතරම් පීඩනයක් ඇති​ෙවන්නේ නැහැ නේද? බස් ගාස්තු ඇතුළු අනෙක් වියදම් වැඩි වීම, රට වසා තැබීමේ ආර්ථික පාඩුව යනාදී කරුණු සම්බන්ධව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග කළ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය:- කොරෝනාවෙන් ජනතාව මිරිකී සිටියදී ආණ්ඩුව ඉතිහාසයේ ඉහළම තෙල් මිල වැඩි කිරීම කර තිබෙනවා. මේ හදිසි තීරණයට හේතුව මොකක්ද?

පිළිතුර:- තෙල් මිල වැඩි වීම පැති කීපයකින් බලන්න පුළුවන්. රුපියල් 62කට අලෙවි කරන සබන් කැටයක් මුදලාලිට ලැබෙන්නේ රුපියල් 75කට නම් ඒ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්ද? මේ ව්‍යාපාරය කරන ගමන් බැංකුවකින් ණයක් ගන්නව නම් තත්ත්වය මොකක්ද? රුපියල් 75ට අරගෙන රුපියල් 62කට භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරයකට ණයක් දෙන්න පුළුවන්ද? ණයක් දී ගෙවීම් පැහැර හරින විට දෝෂාරෝපණය එල්ල කරන්නේ බැංකුවට. සාමාන්‍ය න්‍යාය ඕක තමයි. මීට වඩා වෙනස් ක්‍රමයට කරන්න පුළුවන් නම් මට කියන්න. ඒ ක්‍රම දැනගන්නත් මම කැමතියි.

තෙල් ආනයනය කර දිය යුතු මිලට වඩා අඩු මිලට වසර ගණනාවක් ජනතාවට තෙල් අලෙවි කර තිබෙනවා. පසුගිය කාලයේ මාස කීපයක් එහෙම නොවුණත් සමස්තයක් ලෙස කර තිබෙන්නේ තෙල් වැඩි මිලට අරගෙන අඩු මිලට අලෙවි කිරීමයි. මෙසේ කිරීමේදී තෙල් සංස්ථාව ලංකා බැංකුවෙනුත් මහජන බැංකුවෙනුත් ණය ලබාගෙන තිබෙනවා. මේ හරහා මේ ආයතන සියල්ල දුර්වල වී තිබෙනවා. තවදුරටත් දුර්වල වෙමින් තිබෙනවා. දිගින් දිගටම මෙහෙම ගියොත් තෙල් සංස්ථාවට මේක දරාගන්න බැරි වෙනවා.

ඒ වගේම මේක ඒ ආයතනයේ හුදකලා ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. ප්‍රශ්නය ඔඩුදුවා රාජ්‍ය බැංකු දෙකත් අර්බුදයට යනවා. මේවා තේරුණේ නැතිදැයි එවිට අපෙන් ප්‍රශ්න කරාවි. ප්‍රතිසංස්කරණ කටයුතු පැවරී තිබූ ඇමැතිට මේව තේරුණේ නැතිදැයි අසාවි.

දැන් ජනතාවට අමාරු අවස්ථාවක් බව අපි හොඳින්ම දන්නවා. ජනතා දුක අපි හොඳින්ම හඳුනනවා. අසීරු අවස්ථාවලදිත් අමාරු තීන්දු ගන්න වෙනවා. වැඩි ගණනකින් තෙල් මිල ඉහළ දැමීමට සිදුව තිබෙනවා. එසේ නොකළ නම් ඉදිරියේදී උග්‍ර ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණපාන්න වෙනවා. කනගාටුවෙන් වුවත් මේ මිල වැඩි කළේ ඒ නිසයි.

ප්‍රශ්නය:- පසුගිය කාලයේ ඩොලර් 26ට තෙල් මිල අඩුවී තිබුණා. ඒ සහනය ජනතාවට දුන්නේ නැහැ. එහෙම නම් මේ කරන්නේ තෙල් මිලෙන් ගසාකෑමක්ද?

පිළිතුර:- තෙල් මිලට විවිධ කාරණා බලපානවා. තෙල් ආනයනයට මීට පෙර ණය ගෙන තිබෙනවා. ඒවා ගෙවන්න ඕන. තෙල් සංස්ථාව බැංකුවලට රු. බිලියන 600ක් පමණ ණයයි. සියයට පහක පොලිය යටතේ වුවත් එතනම කීයක්ද? මේව ගෙවන්න වෙන්නෙත් ආදායමෙන්. ඒ නිසා කොයි මොහොතක හෝ මේ වෙනස කළ යුතුව තිබුණා. අවශ්‍ය වෙනස්කම් නොකළොත් මේ ආයතන සියල්ල කඩා වැටෙනවා. එසේ නොවෙන්න නම් ගිය ආණ්ඩුව කළා වගේ මේ ආයතන විකුණන්න වෙනවා. අපට අවශ්‍ය මේ ආයතන ගොඩනගන්නයි. යම් ලාබයක් ලැබූ අවස්ථාවේදී ඒවා ජනතා යහපත වෙනුවෙන් යෙදෙව්වා. ඔය කියන කාලයේ කොරෝනා මැඩීමට ආණ්ඩුව රු. බිලියන 132 ක් වැය කළා. ජනතාවට සහන දීමට යෙදවූවා.

ජනතාවගෙන් අයකරන මුදල් නැවත ජනතා යහපතටම යොදවා තිබෙනවා. රු. බිලියන 132ක් යොදවන විට ඒක ගසාකෑමක් කියල කවුරුහරි කිව්වද?

මේ වසරේ ගෙවුණු මාස පහේදී පමණක් තෙල් සංස්ථාව රු. බිලියන 45ක් පාඩු ලබා තිබෙනවා. තවදුරටත් මෙහෙම යන්න පුළුවන්ද? තවත් මාස හත අටක් මෙහෙම ගියානම් විසඳුමක් සොයාගන්න බැරි තැනකට යන්න තිබුණා. එහෙම වෙන්න කලින් හොඳින් සාකච්ඡා කර මේ තීරණය ගෙන තිබෙනවා.

ප්‍රශ්නය:- සියලු වියදම් සමග පෙට්‍රල් ලීටරය රුපියල් 94.25කට දිය හැකි බව වෘත්තීය සමිති පෙන්නා දෙනවා. එහෙම නම් මේ වෙනස මොකක්ද?

පිළිතුර:- ඕව පිළිගන්න පුළුවන් තර්ක නෙමෙයි. එහෙම දෙන්න පුළුවන් නම් ඉන්දියාව ලීටරය රු. 275ට දෙන්නේ ඇයි? විවිධ අයට විවිධ කතා කියන්න පුළුවන්. ඉන්දියාවේ ඩීසල් ලීටරය රු. 254 යි. නේපාලයේ 182 යි. භූතානයේ 180 යි. බංගලාදේශයේ 151යි. පාකිස්තානයේ 144යි. ඇෆ්ගනිස්තානයේ 124යි. මාලදිවයිනේ 117යි. ලංකාවෙ රු. 111යි.

අනූහතරට දෙන්න පුළුවන් කියන අයට මේ රටවලටත් උපදෙස් දෙන්න පුළුවන්. එනිසා මේ කාරණාවලදී ජාත්‍යන්තරය ගැනත් රට ගැනත් බලන්න ඕන. අපි ඩීසල්වලින් බදු ගන්නේ නැහැ. ඩීසල් ලීටරයකින් දැනටත් රුපියල් හතක් පමණ පාඩුයි. ඒ නිසා ඔය විවිධ සමිති කතාවලට තිබෙන්නේ වෙනත් අරමුණක්.

ප්‍රශ්නය:- ඉන්ධන මිල සූත්‍රයක් තිබුණා. එයත් ඔබලා අහෝසි කළා. ඒ සූත්‍රය තිබුණ නම් ජනතාවට එකවර මෙතරම් පීඩනයක් පැටවෙන්නේ නැහැ නේද?

පිළිතුර:- ඒ සූත්‍රය තිබුණ නම් මීටත් වඩා මිල වැඩි වෙනවා. කොරෝනා වසංගතයේ බලපෑම මධ්‍යයේ මාස 16ක් පුරා බොහොම සද්භාවයෙන් මේ මිල පවත්වාගෙන යන්න කටයුතු කළා. රට ඇරලා ආර්ථිකය සක්‍රියව පැවතියානම් මීට වඩා අඩු මුදලකින් මිල වැඩි වෙන්න තිබුණා. රට වසාගෙන තිබෙන තරමට පීඩනයත් වැඩියි. ජනතාවටත් එහෙමයි. එදිනෙදා ජීවිකාව කරගන්න අය දැඩි අර්බුදයක සිටිනවා. මේවා මැද්දෙත් මේ ආයතන, ක්ෂේත්‍ර රැකගන්න අවශ්‍යයි. තෙල් සංස්ථාව කඩා වැටුණොත් ඇති වෙන තත්ත්වය මොකක්ද? අමාරු තීරණයක් ගෙන තිබෙනවා. ඉන්ධන මිල ස්ථායීතාව ඇතිකර ගැනීමට අරමුදලක් ඇති කරනවා. යම් කාලයක් එයට යාවි. මේවා කෙරෙන තෙක් යම් පීඩනයක් අපට දැනේවි. කනගාටුවෙන් වුවත් මේ තීන්දු ගන්නේ අනාගත යහපත වෙනුවෙන්.

ප්‍රශ්නය:- බස් ගාස්තු සියයට 15-25ත් අතර ගණනකිනුත් බේකරි නිෂ්පාදන, එළවළු ආදියේ පටන් මිල වැඩිවන බවට මේ වනවිට ප්‍රකාශ වී තිබෙනවා. ජනතාවට මොකද වෙන්නේ?

පිළිතුර:- රට වහලා තවදුරටත් ජනතාව පීඩාවට පත් කරන්න බැහැ. සමහරු රට වහන්න ඕන කියන කතාවක් ගෙන යනවා. එහෙම කළොත් ආර්ථික කටයුතු දැවැන්ත ලෙස කඩා වැටෙනවා. දැන් බොහෝ රටවල් වැඩ කිරීමට ඉඩදීමට යොමු වෙමින් සිටිනවා. එනිසා පීඩනය අඩුකර ගන්න නම් රට විවෘත කර ආර්ථිකය සක්‍රීය වීමට ඉඩ දිය යුතුයි. තෙල් මිල වැඩි වීමෙන් යම් පීඩනයක් එනවා. ඒත් අපට තිබෙන විකල්ප සීමිතයි. 2019 රට බාරගන්න විට 2014 දී තිබූ විදේශ සංචිතයවත් තිබුණේ නැහැ. මුහුණ දී තිබෙන ප්‍රශ්න හමුවේ ටිකක් අමාරු තීරණ ගන්න වෙනවා.

මේවා තාවකාලික වේවි. සැත්කමක් කරන්න ඕනනම් වේදනාව කොතරම් තිබුණත් කරන්න වෙනවා. සැත්කම නොකළොත් වන හානිය වඩා වැඩියි. අමාරුවෙන් ගන්නා තීරණයේ වාසිය, වර්ධනය වීමට ඇති අවස්ථාව ඉදිරියේදී ලැබේවි. මාස පහක් ජනතාවට උපරිම සහන දුන්නා. තවත් මාස පහක් මෙහෙම ගියොත් මුළු ආර්ථිකයම දැවැන්ත අර්බුදයකට යන්න පුළුවන්. අර්බුදයකට යාමට පෙර මේ සංශෝධන කළයුතු බව ආර්ථික උපදේශක හැටියට මහ බැංකුවත් පෙන්නා දී තිබෙනවා.

ප්‍රශ්නය:- ජීවන වියදම් අනුකමිටුව තීන්දු ගන්නේ ජනතා යහපතටද? ආයතන පැත්තෙන් බලලද?
පිළිතුර:- එහෙම ප්‍රශ්න මතුවීම සාධාරණයි. ජීවන වියදම ගැන සැලකිලිමත් වෙන්න ඕන එදා දවසට පමණක් නෙමෙයි. අදට හෙටට, එන මාසයට, කාර්තුවට සහ ඉදිරි වසර ගැන සැලකිල්ලෙන්. අදට පමණක් තීරණයක් ගෙන සතුටෙන් සිටියොත් හෙට වෙන්නේ මොකක්ද? එහෙම වුවොත් නොයෙක් ප්‍රශ්න අසාවි. එනිසා අද සහ ඉදිරිය ගැන සිතා ආයතන සම්බන්ධව අවධානය යොමුකර බොහොම වගකීමකින් අත්‍යවශ්‍යම නිසා මේ තීරණය ගෙන තිබෙනවා.

දැනට අලෙවි කරන මිල යටතේ පාඩුවක් නොලබා තෙල් සංස්ථාව පවත්වාගෙන යන්න පුළුවන් වේවි. යන්තමින් ඔළුව උස්සගන්න පුළුවන්. වසරකට තෙල් ආනයනයට ඩොලර් බිලියන 3.5ක් පමණ වැය වෙනවා. සියලු ආනයන වියදමත් ඩො.බි. 18ක් 19ක් පමණ වෙනවා. එනිසා තෙල් මිල ගැන සැලකිලිමත් වෙන්න ඕන. එයවත් අලාභයකින් තොරව පවත්වා ගන්න පුළුවන් නම් එය ආර්ථිකයට විශාල ශක්තියක් වෙනවා.

ප්‍රශ්නය:- තෙල් මිලත් සමග ගෑස් මිලත් වැඩි කිරීමට ඉල්ලා තිබෙනවා. ඒ බරත් ජනතාවට පැටවේවිද?

පිළිතුර:- ඒ සම්බන්ධව කමිටුව ඒ තීරණය ගනීවි. ගෑස් සමාගම් පාඩු ලබන බව ඇත්ත. වැඩි මිලට අරන් අඩු මිලට කොයිතරම් කාලයක් දෙන්න ගෑස් සමාගම්වලට හැකියාව තිබෙනවාද යන්න මත එය රඳා පවතිනවා. හැබැයි යම් වෙලාවක මිල වැඩි කිරීමකට යන්න වේවි. දැඩි පීඩනයකට ගෑස් සමාගම් ලක්වෙලා. කවදද කියන්න මම දන්නේ නැහැ. ඇත්ත එයයි.

ප්‍රශ්නය:- රට වසා තබා ඇති කාලයේ ආර්ථික පාඩුව පිළිබඳ තක්සේරුවක් තිබෙනවද?

පිළිතුර:- ගිය වසරේ දෙවැනි කාර්තුවේදී දින 66ක් රට වසා තිබුණා. ඒ කාර්තුවේ ආර්ථික වර්ධන වේගය ඍණ සියයට 16.7ක්. දැවැන්ත පාඩුවක්. රු. බි. 4000ක පමණ ණය සහන කාලයක් දීමට සිදුවුණා. විශාල පීඩනයක් ඇතිවුණා. රට නොවසා තබා ගන්න උත්සාහ කරන්නේ ඒ නිසයි. සෞඛ්‍ය අංශයේ යම් පීඩනයක් තිබෙන බව ඇත්ත. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. රට වැසීම සෞඛ්‍ය පැත්තෙන් වාසි වුවත් ආර්ථික පැත්තෙන් දැවැන්ත අවාසියක් වන බව මතක තබා ගන්න ඕන. වසා තිබෙන රට අරින්න ඕන කියන එකයි මගේ යෝජනාව. එහෙම නොවුණොත් ආර්ථිකය කළමනාකරණය අතිශය අමාරුයි. බොහෝ දෙනකුට දැවැන්ත ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල, ස්වයං රැකියාවල යෙදෙන එදිනෙදා ජීවිතය ගැට ගසා ගන්න ලක්ෂ 45ක් මේ රටේ සිටිනවා. ඒ අය සම්බන්ධව අපි සැලකිලිමත් වෙන්න ඕන. මේ අයගේ අවශ්‍යතා විවිධ බව තේරුම් ගන්න ඕන. ඇතැම් අයට මේවා වැටහෙන්නේ නැහැ. රට වසා ඇති විට එදිනෙදා ජීවිකාව කර ගන්නා අයට දෙන විකල්පය මොකක්ද? රට වැසුවාම එක පැත්තක ප්‍රශ්නය විසඳෙන ටික තවත් පැත්තක ප්‍රශ්න දැවැන්ත ලෙස උග්‍රවේවි.

ගිය වසරේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය රු. බි. 15,000ක් පමණ වුණා. දිනකට බි. 40ක් පමණ වෙනවා. රට වැසුවාට ඇතැම් ආර්ථික කටයුතු නවතින්නේ නැහැ. බැංකු පොලී, රක්ෂණ, කෘෂිකර්මය ආදිය කෙරෙනවා. මහ බැංකුවේ දත්ත අනුව රට වසා තබන දිනකදී රුපියල් බි. 15ක් පමණ අහිමි වෙනවා. දින දහයක් වැසුවොත් රු. බි. 150ක් අහිමි වෙනවා. මාසයක් රට වසා තැබීමෙන් රු. බි. 450ක් පමණ අහිමිව යනවා. එවන් දැවැන්ත පාඩුවක් මාසයකට උහුලන්න අපට අමාරුයි. ආර්ථික වර්ධන වේගය අඩාල වෙනවා. සියලු සාර්ව ආර්ථික සාධක අඩාල වෙනවා. ආයෝජන පහත වැටෙනවා. පොලී අනුපාතයට, රුපියලේ අගයට බලපෑම් වීම නවත්වන්න බැහැ. මේ සියල්ල එකිනෙකට සම්බන්ධයි. එනිසා මේවා තුලනාත්මකව සොයා බලා ගතයුතු තීරණ.

ප්‍රශ්නය:- රුපියලේ අගය සැලකිය යුතු ලෙස පිරිහිලා. ආර්ථික වර්ධනය අඩාල වෙලා. ජනතාවට ජීවත්වීමට නොහැකි වටපිටාවක් ඇතිවෙලා. මේ පෙන්නන්නේ ආර්ථික කළමනාකරණයේ අසමත් බව නොවේද?

පිළිතුර:- මතුපිටින් ඔවැනි චෝදනා කරන්න පුළුවන්. ආර්ථික කටයුතු ස්විච් එකක් ඔන් ඕෆ් කරනව වගේ නෙමෙයි. සමහර දේවල්වල ප්‍රතිඵල ලැබෙන්න යම් කාලයක් යනවා. පොලී අනුපාත අඩුකර ආර්ථික වර්ධන වේගය සියයට අටකට ගෙන ඒමට අපට හැකි බව පෙන්නුම් කළා. 2019 රට අපි යළි බාර ගන්නා විට ආර්ථිකය කඩා වැටී තිබුණා. විදේශ ණය ඩො. බි. 14ක් වැඩිපුර ගෙන තිබුණා. පොලී අනුපාත වැඩිවී තිබුණා. රුපියලේ අගය රු. 50කින් පිරිහී තිබුණා.

මෙවැනි ආර්ථිකයක් යථාවක් කිරීම පහසු නැහැ. අපි පියවර ගන්නවාත් සමගම කොරෝනා වසංගතය ආවා. අසාධ්‍ය රෝගියකු අනතුරකට මුහුණ දුන්නොත් ඇතිවන තත්ත්වය කුමක්ද? අද අපට මේ දෙකටම මුහුණ දීමට සිදුවෙලා. ඒ නිසා ලෙඩා සුව කිරීම පෙරට වඩා ටිකක් අමාරුයි. අනතුරකට පත්ව සිටින ලෙඩා සුවපත් කිරීම සූක්ෂමව කළයුතු දෙයක්. විවිධ පීඩන මැද්දේ රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කෙරෙනවා. දිනපතා සිදුවන අනතුරුවලින් මේ රෝගියා බේරගන්න අවශ්‍යයි.

ප්‍රශ්නය:- ජනතාවට කන්න නැතිව සිටිද්දී ඇමැතිවරුන්ට සුපිරි වාහන ගේන්න රු. බි. 3කට වැඩි මුදලක් යොදවනවා. සංචිතත් නැති වෙලාවක මේ කරන්නේ මොකක්ද?

පිළිතුර:- එවැනි තීරණයකට එකඟ වෙන්න අමාරුයි. මේ වෙලාවේ අපි සැලකිලිමත් වෙන්න ඕන සමස්ත ආර්ථිකය සම්බන්ධවයි. කොරෝනා මැඩීමට දැවැන්ත මුදලක් වෙන් කළේ ඒ සැලකිල්ල නිසා. සියයට හතරට බිලියන 168ක ණය දී තිබෙනවා. ණය කාලය දීර්ඝ කිරීමට බිලියන 4000ක පමණ සහන දී තිබෙනවා. ඒ සියල්ල කරන අතරේ බිලියන 3කට අපි බැනුම් අහන්න ඕන නැහැ. මේවා කරන්න ගියොත් ලොකු අප්‍රසාදයක් ඇති වෙනවා. අගමැතිතුමා ඒවා නැවැත්තුවේ ඒ නිසයි. මේක මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද දෙනවට වඩා ජනතාවට වරප්‍රසාද දිය යුතු වෙලාවක්. ජනතාවට අති විශාල වරප්‍රසාද දී තිබෙන බවත් අමතක කරන්න හොඳ නැහැ. යම් අවස්ථාවල යම් තීන්දු ගන්නත් වෙනවා.

ප්‍රශ්නය:- ලංකාව බංගලාදේශයෙන් ණය ගන්න තැනට පත්වෙලාද? ඒ වගේම ගෙවුණු කාලයට ඩො. බි. දෙකක පමණ ණය ගෙන කළේ මොනවද කියන ප්‍රශ්නයත් ඇසෙනවා. මේ වෙන්නේ මොකක්ද?

පිළිතුර:- පිටරටින් ගන්න ණය අඩුකර තිබෙනවා. සමස්ත ණය කළඹෙන් සියයට පනහක් පමණ වූ විදෙස් ණය දැන් සියයට 40ට පමණ අඩුකර තිබෙනවා. බංගලාදේශයෙන් ගන්නේ ණයක් නෙමෙයි. එරට මහ බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර මුදල් හුවමාරුවක් සිදුව තිබෙනවා. එය හඳුන්වන්නේ ‘ස්වැප්’ පහසුකමක් හැටියටයි. මේවා සාමාන්‍යයෙන් රටවල් අතර සිදු වෙනවා. මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව ඇමෙරිකාවේ භාණ්ඩාගාරයට ඇ. ඩො. බිලියන 3ක් ණය දී තිබෙනවා. ඒවා ලැබෙන්නේ සියයට කාලක, බාගයක පොලියක්. මේවාට කියන්නේ ආයෝජන කියලයි. එහෙම කිව්වාට ඇත්තටම ඒවා ණය. සංවර්ධිත රටවලට ණය දෙන විට ඒවා ආයෝජන බව කියනවා. හැබැයි බංගලාදේශයට දෙන විට ඒවාට ණය කියනවා. එනිසා මෙතන තිබෙන්නේ වචනවල වෙනසක්. අද බංගලාදේශය ඇමෙරිකාවට ඩොලර් බිලියන දහයක පමණ ණය දී තිබෙනවා. අද ලෝකයේ විවිධ රටවල් ඇ. ඩො. බි. 28,000ක් පමණ ඇමෙරිකාවට ණය දී තිබෙනවා. එනිසා ඔය කතා හරි රාමුවෙන් තේරුම් ගන්න ඕන. දකුණු ආසියානු කලාපයේ රටවල් අතර වැඩිපුර ආයෝජන, වෙළඳාම, ගනුදෙනු සිදු වෙන්න ඕන.

සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනය වැඩිපුර වර්ධනය කරගන්න අවශ්‍යයි. එය දකුණු ආසියාවටත් අපටත් හොඳයි. දැන් අපි ඒ පැත්තට යොමු වෙමින් සිටිනවා. අපි ගන්නා ණය එදා වගේම අදත් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිවලට යොදවනවා. ඒවා ඇස්පනාපිටම දැකගන්න පුළුවන්.

No comments

Ads Place